saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 6441 hours ago

LATEST

යුගදනවි බලාගාරය බදුදීම පිලිබදව නැවත සලකා බලන්​න

calendar_today 2021 සැප් 25 - 18:13 remove_red_eye - 381  

රටේ බල ශක්තිය මතු පරපුරට හිමිකර දිය යුතු බවත් එබැවින් යුගදනවි බලාගාරයේ සියයට හතලිහ ඇමරිකාවට බදු දීම සම්බන්ධව නැවතවාරයක් හිතා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද (25 ) අම්බලන්ගොඩදී පැවසීය.

ගිනිකඳු හදිසි අවස්ථා තත්ත්වය හේතුවෙන් තම බඩු බාහිරාදිය ලබාගැනීමටවත් නිවෙස්වලින් ඉවත්කළ අයට තම නිවෙස් වෙත ආපසු යාමට ඉඩ නොදෙන බව නිලධාරීන් පවසයි.

Read More

අවුරුදු 30 හා 59 අතර මරණ 22ක් හා අවුරුදු 60 හා ඊට වැඩි මරණ 57ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

රටේ දැන් ගෑස් හිගයක් නැති බවත් ඉදිරියේදී මොනම ආකාරයේවත් ගෑස් හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) රත්ගමදී කීවේය.

Read More

තැපැල් මාර්ගයෙන් සායනික රෝගීන් සඳහා යොමු කෙරෙන ඖෂධ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් ඊයේ (24) හඳුන්වා දෙනු ලැබිණි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ නව පියවරක් සනිටුහන් කරමින් ස්ථාන රැසක් සංරක්ෂණයට සහ සංවර්ධනයට පියවර ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිට නිවසකට ඊයේ (24) රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර පළාගොස් තිබේ.

Read More

වික්ටෝරියා ජලාශයේ පිටාර මට්ටමේ සිට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය සියලු හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කිරීමට පියවර ගත් බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01 දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.

Read More

භූකම්පනයන් හඳුනා ගැනීම සඳහා ඉදිරියේ දී තවත් මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරනවා.

Read More

කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණ අගය රු. බිලියන 1284.37 ක් විය. අද වන විට එය රු. බිලියන 1332.21 කි.පසුගිය සතිය තුල අච්චු ගසා ඇති මුදල රු. මිලියන 47,840 ක් හෙවත් කෝටි 4784 කි.

Read More

කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ, පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහනගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දී ති​බේ.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරය බදුදීම සම්බන්ධයෙන් ඇමරිකාව සමග අත්සන් කර ඇත්තේ තාවකාලික අවබෝධතා ගිවිසුමක් බවත් එම ගිවිසුමෙන් කිසිසේත්ම රටේ ආරක්ෂාවට තර්ජනයක් නැති බවත් වෙරළ සං‍රක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතීඥ මොහාන් ද සිල්වා මහතා අද (26දා) රත්ගමදී පැවසීය.

Read More

හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා එය නොගෙවීම නිසා වෙඩි තබා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සමත් වුණා.

Read More

ඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 223,354 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

Read More

විශේෂ කාර්ය බලකාය ​ඊයේ (24) මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල් වත්ත ප්‍රදේශය දී සිදුකල වැටලීමකදී එංගලන්තයේ නිශ්පාදිත WEBLEY AND SCOTT LTF වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52, මි.ග්‍රෑ. 380 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 48 ක් වූ වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් තුනක පදිංචි අවු 20-29 අතර වයස් ඛාණ්ඩ වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිමඅද (25) දින හැටන් ෂැනන් දමිල මහා ජාතික පාසලේදි ආරම්භ කරනු ලැබීය.

Read More

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් මන්ත‍්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔහුට ම්ලේච්ඡ ආකාරයට හිරිහැර කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය අප‍්‍රසාදය පළ කරන බව එම පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

Read More

අද (25) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 328 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකිය. ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහයවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ පවසා සි​ටියි.

Read More

පාසල් විවෘත කිරිමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරිම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More

ඊයේ (24) දිනයේදී නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් යටතේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,877ක් වෙයි.

Read More

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබියදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි

Read More

පළවෙනිදා රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවන කටයුතු කිරීම ට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී, පළාත තුළ හෝ පළාත් අතර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

Read More

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදි පොල්ලකින් පහරදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 65 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ චීනයේ ස්ථාවරයට තමන් සහයෝගය දක්වන බවයි.

Read More

සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පසුගියදා අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නම් සැකකරු ලබන මස 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

සුබෝධනි කමිටු වාර්තාවෙහි සඳහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරිම සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් රටවල් පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් සඳහා තුන්වැනි බූස්ටර එන්නත ලබා දීමට සැලසුම් කර ඇති පසුබිමක, බොහෝ අප්‍රිකානු රටවල් තවම පළමු මාත්‍රාව හෝ නැතිලු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.