බෙල්ල කැපිලා යනකම් නිදහස් පක්ෂය දන්නේ නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දෙලොවක් අතර සිටින බවත් ඔවුන් හරියට හිට ගන්නා තැන තීරණය කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.
ස්වර්ණවාහිනියේ ඉර වැඩසටහන ඊයේ (28දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩ තනතුරු දරණ දෙතුන් දෙනෙක් හිතනවා ඒ තනතුරු අත්හරින්න ඒ අයට බෑ. ඒ ගොල්ලෝ තනතුරු අත්හරින් එකඟ කර ගන්නකන් අනිත් අය එතන අල්ලගෙන ඉන්නවා.
එහෙම ඉන්න තාක්කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවැත්මක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන්න ඕන කොතනද හරියට හිට ගන්නේ කියලා. ඒ අයට අවස්ථාවක් තියෙනවා. ඕනනම් ආණ්ඩුවේ ඉදලා වැනසෙන්න අවස්ථාව තියෙනවා.
අපි තමයි මේකේ ඉන්න ප්‍රභලයෝ කියලා තනියෙන් හිතන්නත් පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙලොවක් අතර ඉන්නේ. මාලු කනවද මස් කනවද කියලා කල්පනා කරන මීයා වගේ අන්තිමට බෙල්ල කැපිලා යනකම් දන්නේ නෑ.”
popular news
-
Fernando Tuesday, 29 March 2022 10:38 AM
Hitan Huta no backbone
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

