ඉන්දීය ධීවරයින් 04ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (28දා) රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඩෙල්ෆ්ට් දූපතට දකුණින් වූ මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.
මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ජාතික ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත යොමු කිරීම සඳහා කන්කසන්තුරය මයිලඩි ධීවර වරාය වෙත රැගෙන යන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

