මිතුරන් තිදෙනකු සමග දිය නෑමට ගොස් දින තුනක් තිස්සේ අතුරුදහන් ව සිටි 15 හැවිරිදි පාසල් සිසුවාගේ මරණය ගැන තොරතුරු වසන් කිරිම සම්බන්ධව එම පාසල් සිසුන් තිදෙනා පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
පැල්මඩුල්ල බත්ගංගොඩ උඩුතුල ප්රදේශයේ අමුණක තිඹි ඊයේ (28දා) මියගිය සිසුවාගේ සිරුර සොයා ගෙන තිබේ. ක්රිකට් තරගයකයට යන බව නිවෙස්වලට පවසා මෙම සිසුන් නිවෙස්වලින් ගොස් ඇතැයි පැල්මඩුල්ල පොලිසිය පවසයි .
පැල්මඩුල්ල ප්රදේශයේ මහා විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබමින් සිටි මද්දුමගේ තිසර රුවන් නම් සිසුවෙකු මෙලෙස මිය ගිය අතර ඔහුගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (29දා) රත්නපුර ශික්ෂණ රෝහලේදි පැවත්විමට නියම්තව තිබේ .
මියගිය සිසුවා සමග ඔහුගේ පන්තියේ මිතුරන් තිදෙනා පැල්මඩුල්ල බත්ගංගොඩ උඩුතුල අමුණේ දිය නෑමට ගොස් ඇති බව පොලිසිය ප්රශ්න කිරිමේදි ඔවුන් පිළිගෙන තිබේ . මිතුරාට කුමක් සිදුවුයේදැයි නොදන්නා බව එම සිසුන් පැවසුවද ඔවුන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරිමේදි මිතුරාගේ අතුරුදහන් විම ගැන පණ්විඩ හුවමාරුකරගෙන තිබු බව පොලිසිය අණාවරණය කරගෙන තිබේ . පැල්මඩුල්ල පොලිසියේ ස්ථානාධිපති ධම්මික බංඩාර මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරේ .
රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා