පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රන් ඛාන්ගේ පාලනය සම්බන්ධයෙන් විශාල කඩයිමක් පැමිණ තිබේ. ඒ ඔහුට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ආ විශ්වාසභංගයේ ඡන්ද විමසීම එළැඹෙන 31දාට යෙදී තිබීම හේතුවෙන්
දැඩි අරගලයකින් අනතුරුව විපක්ෂය සිය විශ්වාසභංගය ඊයේ (28දා) පාකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඉම්රාන් ඛාන්ගේ පාලනය විසින් රටේ ආර්ථිකය ගැටලුවකට පත්කළ බව සඳහන් කරමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබේ.
විශ්වාසභංගය ජය ගැනීමට නම් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ ඡන්ද 172ක් ලබාගත යුතු වෙයි.
විපක්ෂය දැනටමත් සඳහන් කර ඇත්තේ තමන්ට ඡන්ද 163ක් පවතින බවයි. එය තවදුරටත් වැඩි කර ගත හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි.
මේ අතර පාකිස්තාන නිවාස අමාත්‍යවරයාද සිය ධුරයෙන් ඉවත්වූ අතර ඔහු විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන් කර තිබේ.