saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6603 hours ago

LATEST

සමාජ මාධ්‍ය නියාමනයක් ඕන - මරණ දඬුවමත් ඕන

calendar_today 2022 පෙබ 09 - 20:30 remove_red_eye - 304  

අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳමීට වඩා අපි සැලකිල්ලක් දක්වන්න ඕන.අද සමාජ මාධ්‍යයේ ටික් ටොක් කියලා එකක් තිබෙනවා. මේ විදියට අද සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇති වෙලා තිබෙන මේ ව්‍යසනය පිළිබඳ, මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනී කියලා නමුත් මෙය නියාමනය කි

ලෙටිෂියා රැජින සහ යුවළගේ බාල දියණිය සොෆියා රෝග ලක්ෂණ නොපෙන්වන අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි කරගෙන යනු ඇති බව ස්පාඤ්ඤයේ රාජකීය මාලිගාව නිවේදනය කරයි.

Read More

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කඩා රුපියල් 1408ක මුදලක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු, මොරටුව පොලිසිය විසින් ඊයේ (08දා) අත්අඩංගුවට ගනු ලැබුහ.

Read More

ඇයට සඳුදා උගුරේ අමාරුවක් තිබූ අතර, අඟහරුවාදා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළාය. ඇය දැන් ඉම්පීරියල් මාලිගාව තුළම පිහිටි රෝහලක ප්‍රතිකාර ලබන බව කියයි.

Read More

ආඩිගම කීරියන්කල්ලිය මාර්ගයේ ප්‍රදේශයේදී අද (09දා) ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් මුන්දලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇතිබව මුන්දලම පොලීසිය පවසයි.

Read More

නොවැම්බර් මාසයේදී එන්නතෙහි තුන්වැනි මාත්‍රාව ලබාගත් 81 හැවිරිදි රැජින අඟහරුවාදා සවස ධනාත්මක බව පරීක්‍ෂා කළ අතර, ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන බව එරට රාජකීය මාලිගාව නිවේදන කරයි.

Read More

ගොවි ජනතාව වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ අද (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

Read More

’’ වසර දෙකක් තුළ ගොවියා පාරට කවුද ගෙනාවේ. ගුරුවරයා පාරට කවුද ගෙනාවේ. ඉදිරි වසර තුනත් අවුල් කරන්න හදන්නේ. අපිටත් වැල්ලේ ඇවිදලා පුරුදුයි. අපිටත් පාද යාත්‍රා හුරුයි. අපිත් ජනතාව අතරට යනවා. අපිත් ගොවියා අතරට යනවා. අපි ඒ අභියොගයට සූදානම්’’

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත වාර්තාව පිළිබඳ මාර්තු මාසයේදී විවාදයක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය පැවැත්වෙන අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මීට සුළු මොහොතකට පෙර එක්වූහ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් තහනම ලබන මැයි මස 24 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඔවුන් දෙදෙනාට විදෙස් ගතවීමට අද (09දා) අවසර ලබාදුන්නාය.

Read More

බොරැල්ලල සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප‍්‍රශ්න කළ දේවස්ථාන සේවකයා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජින්ද්‍රා් ජයසූරිය මහත්මිය අද (09දා) නියම කළාය.

Read More

අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙහි අද (9දා) පැවති චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකු විසින් ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

Read More

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 67 වැනි සාංවත්තසරික උත්සවය ඊයේ (08දා) ජනමාධ්‍ය අමාතය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුනෙස්කෝ හී ශ්‍රී ලංකා කොමිසමේ මහ ලේකම් ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්ත මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ.

Read More

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ගෙවීමට තිබෙනා සියලු ණය ගෙවා දනමන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, ශ්‍රී ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම පැහැර හැරීමක් අබියස සිටින බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

Read More

නිවාස අහිමි මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරෙන නිවාස 5,000 වැඩපිළිවෙළ යටතේ මාලඹේ ඉදිකළ නිවාස 256 කින් යුතු මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

මෙම 25%ක බද්ද ගසා තිබෙනුයේ වර්ථමාන ආණ්ඩුව බවත් එම ක්‍රියාමාර්ගය පසුගිය යහපාලන රජය සිදු කළ බවට ආණ්ඩු පාර්ශවය චෝදනා කරමින් සිටින බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ අදහස් පළ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ජා-ඇල ඒකල ප්‍රදේශයේ ඊයේ (08දා) රාත්‍රී සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් ව තිබූ බව ජා-ඇල පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගෙන යන සටනට ප්‍රැන්සිස් පාප් වහන්සේ සහයෝගය ලබා දෙන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසූහ.

Read More

උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කෝවීඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 52 දෙනෙකු නිදහස් වී ඉන්දීය බලධාරීන්ට භාර දීමට පියවර ගෙන ඇත.

Read More

එළවළු වගාවන් සඳහා අවශ්‍ය පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් තමන් කණකර පවා උකසට තබා සිදුකළ එළවළු වගාවන් විනාශයට පත්වූ බව පෙන්වා දෙන බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ එළවළු වගාකරුවෝ තමනට සිදුවූ අලාභයට රජය වන්දි ගෙවිය යුතු බව පවසති.

Read More

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය. ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක දියණියක් වන ෂෙමාරාගේ සතියක වැටුප ඇමෙරිකානු ඩොලර් 315000ක් වෙයි.

Read More

ශ්‍රී ලංකාව තුල කොවිඩ් මැඩලීම වෙනුවෙන් 2021ඔක්තොම්බර මස 31 දක්වා පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පමණක් රුපියල් බිලියන එකලොස් දාහකට (11,064,081,000.00) අධික මුදලක් යොදවා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවන්ට වැඩි කළ දෛනික වැටුප රුපියල් දහස සහ වතු කම්කරුවන්ගේ සුබ සාධන කටයුතු ලබාදිම සදහා වතු වෘත්තිය සමිති සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට රජයට මැදිහත් වන ලෙස බලකරමින් අද (09දා) හැටන් කම්කරු කාර්යාලය ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.

Read More

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15ක් ඇතුලු රෝහල් සෞඛ්‍ය කාර්ය මංඩලයේ 55කට කෝවිඩ් ආසාදිත වී ඇතැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී , රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද (9දා) පැවසීය .

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ. සාගල රත්නායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරයි.

Read More

ග්‍රාමීය සමූපකාර සමිති බැංකුව නමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන බවත් එලෙස ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන්න ආණ්ඩුව ඉඩ ලබා දී තිබෙනුවේ ඇයිද යන්න ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

Read More

අපිටත් ජොන්ස්ටන් ඇමතිතුමා වෙන කෙනෙක් කතා කරද්දි අසභ්‍ය වචන කියන්න බැරිකමක් නෑ. දන්නේ නැතිවත් නෙවෙයි. ඒ අපිව හදපු හැටි. මේ වගේ මිනිස්සු කොහෙන් ආවද කියලා මම දන්නේ නෑ. මම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් මේ මන්ත්‍රීවරයා ගැන ඇක්ශන් එකක් ගන්න.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.