පාකිස්ථානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ හතලිස් දහසක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩා දෙකක තිබී අද (10දා) සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත මෙම ගබඩා පරීක්ෂාවට ලක් කෙරිණි.
එක් ගබඩාවක කාන්තාවන් යොදා ගෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු පාකිස්ථානයෙන් ගෙන්වන ලද අර්තාපල් අල තොග සුද්ද පවිත්‍ර කරමින් හොඳ අල වලට කලවම් කොට ඇසුරුම් කිරිම සිදු කරමින් සිටි බව නගරාධිපතිවරයාවරයා පැවසීය.


