saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6208 hours ago

LATEST

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

calendar_today 2021 නොවැ 01 - 19:04 remove_red_eye - 276  

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.

Read More

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (නොවැම්බර් 01) දින කොවිඩ් මර්ධන එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදිම සදහා තම දායකත්වය ලබා දුන්හ.

Read More

ලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

අතුරුගිරිය, මිරිහාන, මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක රන් මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු නුගේගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මම අද ප්‍රකාශ කරනවා මට තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. මම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා ඒ තැන රංජන් රාමනායකට දෙන්න ඕනේ. රංජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. රංජන්ට නිදහස දිය යුතුයි. වරදක් නොකරයි ඔහු අද හිරේ ඉන්නේ. දේශපාලනයේ මට ඕනේ අළුත් ගමනක් යන්න.

Read More

මට පවුල් පරපුරක් රැක ගන්න නෑ. මම පවුල් පරපුරවල් රකින්නෙත් නෑ. ඕනෑම ජනතාවාදී දක්ෂ වැඩ කරුවන්ට සමගි ජන බලවේගයේ දොරවල් ඇරලා තියන බව කියන්න ඕනේ.

Read More

තවමත් රට තුළ කොවිඩ් වසංගතය පවතින බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කෝවිඩ් වසංගතය නිමා වූවා යැයි බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවේ. කුමන හෝ ස්වරූපයක් මවාගෙන කෝවිඩ් රකුසා නැවතත් පැමිණිය හැකියි. ඔබ ආරක්ෂා නොවී සිටියහොත් ඔබටත් ඔබේ සමීපතමයන්ටත් කොතරම් භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්නට වේදැයි දන්නේ කෝවිඩ් නිසා අහිමිවන ජීවිත ගැන දන්නා අය පමණි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හඳුන්වාදීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී සිදු විය.

Read More

හේන් වගාව නිසා හායනයට ලක්ව ඇති මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාන්ඩුව කොටියාගල, වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරයේ වන වැස්ම වැඩිකිරිමේ අරමුණ ඇතිව ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි සහය ලබාගෙන ගුවනින් වියළි කළාපිය වනාන්තරවල වැවෙන බීජ වර්ග 75000ක් පමණ SEED BOMBING (​බීජ බෝම්බ) ක්‍රමයට අක්කර 495ක ප්‍රදේශයක් පුරා විසිරැවා හැරි බව මොණරාගල දිසාවන නිළධාරි භාරත දිසානායක මහතා පැවසීය.

Read More

කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ 05 වැනි සංවත්සරය හෙට (02) දින නෙලුම් පොකුණ ජාතික රගහලේදී පැවැත්වීමට නියමිතය.

Read More

පවතින කොවිඩ් තත්ත්වය මත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත.

Read More

2022 වසරේ නොර්වුඩ් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පිහිටි සියළුම වෙළඳසැල් වලින් කසළ බදු අය කිරිමට පියවර ගෙන ඇති බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන හතරව​න තර​ගය අද එංගලන්​ත කණ්ඩායමට එරෙහිව (01) පැවැත් වීමට නියමිතයි.

Read More

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

Read More

දුම්රිය සංඥා ගැටලුවක් හේතුවෙන් ප්‍රධාන මාර්ගය, මුහුදු බඩ මාර්ගය හා පුත්තලම මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ. මේ අනුව කාර්යාල දුම්රිය පැය 2කට ආසන්න කාලයක් ප්‍රමාද වී ධාවනය වන අතර ඒ හේතුවන් මගීන් දැඩි පීඩාවට ලක්ව තිබේ.

Read More

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ඒ අනුව රුපියල් මිලියන 55ක වියදමින් පේදුරුතුඩුව, රුපියල් මිලියන 65ක වියදමින් යාපනය වේල්ලාවේලි, රුපියල් මිලියන 60ක වියදමින් බණ්ඩාරවෙල, රුපියල් මිලයන 46ක වියදමින් ගම්පහ බෞද්ධාලෝක මාවතේ මෙම ඇවිදින මංතිරු ඉදිකිරීමට නියමිතය.

Read More

ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද සිට කොවිඩ් තුන්වන මාත්‍රාව ලබාදිම ආරම්භ කෙරේ.

Read More

පාසල්වල සියලූම ශ්‍රේණි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා විදෙස්ගතව සිට පැමිණීමෙන් පසු කොවිඞ් කමිටුවේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

’’වාර්තාව කොපමණ වාර ගණනක් ප්‍රකාශයට පත් කළත්, කොපමණ අනුවාදවල පැමිණියත්, මේ වාර්තාව සාරයෙන් දේශපාලනික සහ ව්‍යාජ එකක් බව අවධාරණය කළ යුතුයි.’’ චීනයේ විදේශ අමාත්‍යාංශය කියයි.

Read More

වසර 06 කට පමණ පෙර ඇනහිට තිබූ ප්‍රංශය සමග ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින් , ගුවන් මගීන් 200 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අද (31දා) ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

Read More

මුළු රටම සෙනසුරාදා සිට අවම වශයෙන් නොවැම්බර් 7දා දක්වා වැටුප් සහිත වැඩ නොකරන දින කාල සීමාවකට ඇතුළු වූ අතර, එම කාලය තුළ සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල් සහ ව්‍යාපාර වසා තබන අතර ගමන් සීමා කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

Read More

පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී ඇත.

Read More

රටේ නිතියට අනුව අධිකරණය මගින් ලබාදෙන තින්දුවට මහජන බැංකුවට ද හිස නැමිමට සිදු වි ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.