දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා වෘත්තිය සංගම් ක්‍රියාමාර්ගය මගින් රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණ බවට පත්කර ඇති බවත් රෝගීන් ඉතා අසරණව ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අර්බුදකාරී අවස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදීම කෙසේවත් කාලෝචිත නොවන දෙයක් බවත් එය තරමක ආත්මාර්ථකාමී ක්‍රියාවක් බවත් එම සංගමය පවසයි.
උපුටා ගැනීම
“සෑම වෘත්තීය සමිති ව්‍යාපාරයක්ම තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීම භාවිතා කරන්නේ අවසාන අවිය ලෙසිනි. මෙම වර්ජනය හේතුවෙන් එම සේවා ලබාගන්නා රෝගීන්ට සිදුවන හානිය අවම කිරීම අප සතු යුතුකමක් වන්නේ මුලු ලෝ පුරා පැතිර ඇති කොවිඩ් වසංගතයට අමතරව රජය ගෙන ඇති යම් අදූරදර්ශි තීරණ නිසා රෝගීන්ට මෙන්ම මුළු රටටම එමගින් සිදුවන හානිය අවම කිරීම සෞඛ්‍ය සේවකයින් වශයෙන්අපේ යුතුකමක් බැවිනි.
පසුගිය කාලය පුරාවටම අප විසින් දැක ඇති කරුණක් නම් එම කාලයේදී රාජ්‍ය අංශයේ සිදු වූ සියලුම වර්ජන කෙරෙහි මහ ජනතාව විමතියෙන් මෙන්ම ඉතා අප්‍රසන්නව බලා සිටි බවය. පසුගිය කාලයේ දී නොයෙක් වෘත්තීය සංගම් වල බලපෑම් වලට රජය අනිසි ලෙස යටත් වී නොයෙකුත් ආකාරයේ වැටුප් වැඩි කිරීම් මෙන්ම අතුරු දීමනා ලබාදීම කළ බව අප දන්නා කරැණකි. මෙම අදූරදර්ශි තීරණ නොයෙකුත් අවස්ථාවාදීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇත.
මෙම වර්ජන ක්‍රියාව දිගින් දිගටම සිදු වුවහොත් සියලුම බලවත් වෘත්තිය සමිති මගින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම මගින් රටේ තත්ත්වය ඉතාමත්ම ව්‍යාකූල වීම වැළැක්විය නොහැකි වනු ඇත. එම නිසා මෙම තත්ත්වය වැළැක්වීමට රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්, සුදුසුකම් හා වෘත්තිමය කුසලතා මත සැකසීම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව මෙම අවස්ථාවේදී අපි දැඩි ලෙස ප්‍රකාශ කරමු.
මෙම අවස්ථාවේදී රජය විසින් වෘත්තීය සමිති ඉල්ලීම් වලට යටවී රට තවදුරටත් ව්‍යාකූල බවට පත් කිරීම මගින් මහජනතාව තවදුරටත් අපහසු තත්ත්වයට පත් කිරීම නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු.
දැනට පවතින මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එමගින් ඉදිරියට ඇති විය හැකි ව්‍යාකූල තත්වය ගැන රජයේ දැඩි අවධානය යොමුවනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.” යැයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.