මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සක්‍රීය ගුවන්තොටුපළක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙම වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ගුවන්තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලෝකයේ ප්රමුඛපෙළේ ගුවන් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මෙම වසර තුළ එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපළේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
මීට අමතරව මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමටද රජය සිය විශේෂ අවධානය යොමුකර තිබේ. ඒ අනුව ප්‍රධාන කාණ්ඩය යටතේ තීරු බදු රහිත වෙළෙඳ සැල් දෙකක්, තේ අලෙවිසැලක්, ගෘහ විදුලි උපකරණ වෙළෙඳසැල් දෙකක්, සංචාරක සේවා කවුළුවක්, ජංගම දුරකථන සන්නිවේදන කවුළු හා බැංකු කවුන්ටර් ස්ථාපිත කර ඇත.ඉදිරියේදී ගුවන් මෙහෙයුම් වැඩි වීමත් සමග එහි පහසුකම් තවදුරටත් පුළුල් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබේ. හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි. ඉන් 584ක්ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ පසුගිය වසරක කාලය තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට පෙබරවාරි මස 03වැනිදා දක්වා සංචාරකයන් 2,919ක් මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණ ඇතැයිද මත්තල ගුවන්තොටුපළ වාර්තා සඳහන් කරයි.