අඩුආදායම්ලාභී සමෘද්ධි සහනාධාරය හිමි පවුල් ලක්ෂයක වහල මත සූර්ය කෝෂ සවි කර මාසිකව රු. 2 500 ක ආදායමක් හිමිවන පරිදි වසර 15කට පසුව සම්පූර්ණ අයිතිය ඔවුන්ට හිමිවන ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය මේවන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
එමගින් එකී අඩුආදායම් ලාභීන්ට සමෘද්ධි සහනාධාරය ලබා දීම පිණිස රජය විසින් වැය කරන මුදල ඉතිරි කර ගන්නා අතරම ඔවුන්ට ස්ථිර ආදායමක් හිමි කර දීමට ද හැකියාව හිමිවන බව ඔහු පැවැසීය.
පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීම පිණිස වසර 2007 දී ආරම්භ කළ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපිත කර මේ වන විට වසර 15ක් ගත වී ඇති නමුත් තවමත් පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීමට බාධාවන් එල්ල වෙමින් පවතින බවද පෙන්වා දුන්නේය.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැනීමෙන් අනතුරුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින්, එකම රාජ්‍ය ආයතනයකින් ලබා ගැනීමේ අරමුණින් One stop shop ක්‍රමය යටතේ ස්ථාපිත කරන ලදි.
එසේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම පිණිස බාධාවන අයුරින් පනවා තිබූ රෙගුලාසි , අණ පනත් හා ක්‍රමවේද වෙනස් කරමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙතෙක් පැවති බාධාවන් ඉවත් කිරීමට කටයුතු කළ බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
පසුගිය ජනවාරි 31 විදුලිබල පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නෛතික කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පාර්ලිමේන්තුවට සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම කුඩා සංශෝධනයක් සිදු කිරීමට මෙතරම් ප්‍රමාදවීම හේතුවෙන් වසර 2013 සිට මේ දක්වාම ආණ්ඩු ගණනාවකට පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ද පෙන්වා දුන්නේය.