මැඩගස්කරයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ අතුරුදහන් වී ඇති බව නාවික බලධාරීහු පවසති.
20 හැවිරිදි තරුණියක් මෙහෙකාර සේවයේ යොදවා ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් දින හතක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා අද (20) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය
Read Moreමෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු පුදුමය උපදවන කාරණයක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ගැන පුරසාරම් දොඩවන ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සිදුවීමේදී පාකිස්තානයට පක්ෂව සිට ගැනීමය. ඊට මූලික වූ හේතු දෙකක් මෙහිදී පෙන්වා දීමට හැකිය.
Read Moreඋතුරු නැගෙනහිර ප්‍රදේශවල බොහෝ වගා බිම් පසුගිය දශක තුනකට අධික කාලයක් පැවති යුධමය වාතාවරණය හේතුවෙන් පාලුවට ගොස් මේ වන විට කැලෑ බවට පත් වී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කරගෙන ඇති බවට උතුරු නැගෙනහිර ජනතාව අවස්ථා කිහිපයක්දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කර ඇති බව ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreහෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමේ වනවිට පත්ව ඇති අර්බුද සියල්ල ස්භාවික ව්‍යවසනයකින් පත්වූ අර්බුද නොවන බවත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සිදුවු අර්බුද බවත් එම අර්බුද අවසන් කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
Read Moreඅතිශය පූජනීය නගරයක් වන අනුරාධපුර නගරයේ නව බස් නැවතුම්පල අසල බෝගස ආසන්නයේ දැඩි දුර්ගන්දයක් සහිත ප්‍රදේශයක් බවට පත්ව ඇතැයි නගර වැසියන් චෝදනා කරයි.
Read Moreදකුණේ දැඩි සිංහල ගමක, සිංහල පමණක් කථා කරන පවුලක ලබන වසරේදී ඉපදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreජා-ඇල පොලිස් බල ප්‍රදේශයේ කොළඹ - මීගමුව මාර්ගයේ දෙහියාගාත මංසන්ධියේ බස් නැවතුමක් අසල මියගොස් සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ජා - ඇල පොලීසියට හමුවී ඇත.
Read Moreසහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලත් දුරදිග යාමෙන් අනතුරුව වැඩිමහල් සහෝදරයා විසින් සිදු කළ පහරදීමකින් අනතුරුව බාල සහෝදරයා මරණයට පත්වීමේ සිද්ධියක් මාතලේ පල්ලේපොල, පොල්වත්ත ප්‍රදේශයෙන් අද (20) වාර්තා වෙයි.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා වෛද්‍ය උපදෙස් මත තාවකාලිකව ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More2021 තෙවැනි කාර්තුවේ ( ජුලි 01 - සැප්තැම්බර් 30) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සෘණාත්මක අගයක් ගෙන ඇත බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව එම කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.5කින් සංකෝචනය වී තිබේ.
Read More’’මම ජීවත් වෙන්න විදිහක් නැතුව දරුවෝ දෙන්න හදාගන්න තමයි රට යන්න තීරණය කළේ පුංචි පැලක ජිවත් වෙන්නේ මම කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන එකට ගිහිල්ලා පාස්පෝට් සියල්ල බාර දීලා තමයි රට යන්න සූදානම් වුණේ මට මාසයකට සංචාරක වීසා ගහලා දුන්නා ඩුබායි යන්න ඒ අනුව මම ගියා ඩුබායි වල්ට.’’
Read Moreචීනය වැනි ප්‍රභල රටක් අමනාප කරගන්නවාට වඩා අදාල මුදල ගෙවා දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීම වාසිදායක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
Read Moreකිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල් නගර් ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබූ අනාරක්ෂිත ළිඳක් තුල තිබී සිව් හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ඊයේ (19) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read Moreජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වාට කොළඹින් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ඇයට ලබාදීමට සූදානම් බවද වාර්තා විය.
Read Moreපෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කරන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දෙසැම්බර් 10 දා දිනැති ලිපියෙන් දන්වා ඇති බව අදට වාර්තා වෙයි.
Read Moreඹෟෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිලදී ගත් ෆයිසර් එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreපසුගිය උඳුවප් පුර පසළොස්වක පොහෝද (18) බුද්ධම රජ මහා විහාරයේ සිල් සමාදන්වී නිවසට එමින් සිටි පනස්දෙහැවිරිදි සිව්දරු මවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 34 හැවිරිදි දෙදරු පියෙකු ගොවිඳුපුර පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreමෙසේ නත්තල් නිවාඩුවට පෙර රට පුරා ආසාදන වැඩිවීමත් සමග, පළාත් රජයන් විසින් සීමා කිරීම් මාලාවක් නැවත හඳුන්වා දී තිබේ. කැනේඩියානු රජය අඟහරුවාදා වනවිට දේශසීමා නීති දැඩි කරනු ඇති අතර, කෙටි සංචාරයකට පැමිණෙන අය පවා කොවිඩ්-19 පරීක්ෂාවකින් තහවුරු සෘණ ප්‍රතිඵලයක් තහවුරු කළ යුතු වෙයි.
Read Moreහුංගම පොලිස් වසමේ රන්න නගරයේ හෝටලයක බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණීම සම්බන්දයෙන් ඊයේ (18) දින අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සිර මැදිරිය තුලදී මිය යාම සම්බන්දයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreචීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව චීන ජනතාව නිරන්තරයෙන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන අතර, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමද වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් වැනි ප්‍රභේද හමුවේ පවා වසංගතය පාලනය සඳහා ඉවහල් වී තිබේ.
Read Moreවසර දෙකකට ආසන්න කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි යුහුසුළුව එකතු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ අනුව කුමන්ත්‍රණකරුවන්ට එරෙහි නඩුව 1968 මුල් භාගයේදී ගොනු කරන ලදී. මෙම නඩුව නිල වශයෙන් රාජ්‍යයට එදිරිව ෂෙයික් මුජිබර් රහ්මාන් සහ තවත් අය ලෙස හැඳින්වේ. ඉන්දියාවේ ත්‍රීපුර ප්‍රාන්තයේ අගර්තලා නගරයේදී ෂෙයික් මුජිබ්ගේ සගයන් ඉන්දීය හමුදාව හමුවූ බවත්, එහිදී ඔවුහු පාකිස්තානයට එරෙහිව කුමන්ත්‍රණය කළ
Read Moreකෝවිඩ් ආසාධිතයන් 430ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreචිලියේ අන්ත දක්ෂිණාංශික නීතීඥ ජෝස් ඇන්ටෝනියෝ කස්ට් සිය වාම ප්‍රතිවාදියා වූ ගේබ්‍රියෙල් බෝරික් අතින් පරාජයට පත්වීමත් සමග ජනාධිපතිවරණයේ වාමාංශික ජයග්‍රහණය සැමරීමට ජනතාව සන්තියාගෝ නුවර වීදි පුරා රැස්ව සිටින ආකාරය දැකිය හැකි විය.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි බත් පිසීම සඳහා භාවිතා කරන ගෑස් උඳුනක කොටසක් අද (19) දහවල් කාලයේ ගිණි ගෙන ඇත.
Read Moreඑන්නත් කරනලද සහ සුවය ලැබූ අය ඇතුළුව තහනම් කරනලද රටවලින් ආපසු පැමිණෙන සියලුම ඊශ්‍රායල ජාතිකයින් අවම වශයෙන් දින 7ක් නිරෝධායනය විය යුතුය.
Read Moreසීමාවාසික පත්වීම් හි කටයුතු කළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම මුල් කරගෙන හෙට දින (20) පෙරවරු 08.00 සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක නියැලීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreඋතුරු නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ ප්‍රහාර තුනකින් සන්නද්ධ ගව සොරුන් විසින් 38දෙනෙකු මරා දමා ඇති බව ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසුවේ, කලාපයට පහර දුන් නවතම ලේ වැගිරීම ලෙසිනි.
Read Moreආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
Read More