saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6138 hours ago

LATEST

ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවි කළ තරුණයන් 08ක් අත්අඩංගුවට

calendar_today 2022 මාර් 23 - 14:27 remove_red_eye - 147  

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කල තරුණයන් අට දෙනෙකු හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (22දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වර්තමානයේ තමන් ආණ්ඩුව සමග කටයුතු කරන බවත්, කෙසේ වෙතත් තමන් ඇතුලු කණ්ඩායම ස්වාධීන වීමට තීරණය කරන්නේ නම් එය ආණ්ඩුවට දැනුම් දී ආණ්ඩුව සමග කටයුතු කිරීම මිස කිසි ලෙසකින් විපක්ෂයට එකතු වීමට කටයුතු නොකරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති වරයා ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා අද (23දා) විවෘත ඡන්ද විමසීමෙන් තේරීපත් වූ බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පැවසීය.

Read More

ඇල්පිටිය පිටුවල දෙකේ කනුව ප්‍රදේශයේදී බඩ ගින්නට දවාලට කන්න කොස් ගෙඩියක් කැඩූ පුතාට බාප්පා පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

කිලිනොච්චිය මාන්කුලම් පොලිස් වසමේ පණිච්චන්කුලම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිධානයක් හාරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (22දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

Read More

වසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙළෙඳ පොළට රැගෙන ආ බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ

Read More

බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස හොර රහසේ එළගවයින් හයදෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථ දෙකක් සමඟ සැකපිට පුද්ගලයන් තිදෙනකු අද (23දා) උදෑසන කලුගහකදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

Read More

සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට පෝලිම් වල සිටින ජනතාව ආරක්ෂා කර දෙන ලෙසත් පෝලිම් යුගය වහාම නිමා කරන දෙන ලෙසත් ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (23දා) උදේ කොස්ගොඩ ගහකොවිලේදී පැවැත්විණ .

Read More

මාස ගණනාවකට පසු නුවරඑලියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගෑස් මිල දි ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් අද (23දා) පියවර ගැනිණි.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව කොළඹ 14 ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හොරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

ශ්‍රි ලංකාව කියන්නේ හොඳ රටක් ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව, ජර්මනියේ සිට ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කාන්තාවක් ඊයේ (22දා) නුවරඑලියේදි පැවසිය.

Read More

මඩකලපුව කල්ලඩි පාලම යට තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව කාත්තන්කුඩි පොලීසිය පවසයි.

Read More

ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙනවා

Read More

ඉදිරි දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝල තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය දරුණුතම ආහාර අනාරක්ෂිත භාවයක් අද්දරට පැමිණ සිටී.

Read More

ඇය සමග පැමිණි අන්තර්-නියෝජිතායතන දූත පිරිසේ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් අතරට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා සහ ඉන්දු ශාන්තිකර ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇමැන්ඩා ඩොරි මහත්මියද ඇතුළත් වේ.

Read More

සියවසකට පසුව ප්‍රථම වතාවට රුසියාව ණය පැහැර හරිනු ඇති බවට බටහිර මධ්‍ය විසින් එකම වාදනය ප්‍රචාරය කරමින් තිබියදීත් රුසියාව සිය ණය පියවා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

නිවැසියන්ට සහ පළාත් පාලන ආයතනවලට විදුලිය විසන්ධි වීම ගැන අනතුරු අඟවා ඇති අතර උෂ්ණත්වය පහත වැටෙන විට බලශක්තිය ඉතිරි කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත අද(22දා) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

Read More

රුසියාවේ නිෂ්පාදිත මගී ජෙට් යානයන්ට අවශ්‍ය විදේශීය අමතර කොටස් ලබා නොදීමෙන්, රටේ ගුවන් සේවය වෙතද සම්බාධකවලින් බලපෑමක් එල්ල කිරීමට බටහිර සූදානම් වෙයි.

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (22දා) සවස හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමට ලක්විය.

Read More

නගරයට ඇතුළු වන සංචාරකයින්ට ඔවුන්ගේ නිරෝධායනයේ හයවැනි සහ හත්වැනි දිනවලදී වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්‍ෂා කළහොත් නිරෝධායන කාලය දින 7කට කෙටි වෙයි. කෙසේ වෙතත්, එවැනි සංචාරකයින් නගරයට ඇතුළු වීමට පෙර සම්පූර්ණයෙන්ම එන්නත් කළ යුතු වෙයි.

Read More

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නවට ප්‍රදේශයේ නිවස තුළ තිබී ශොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට නැරඹීම සඳහා විවෘත කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

සහනධාර පදනම මත ධීවරයින්ට නිකුත් කරන භූමිතෙල් පෞද්ගලික බස් හිමියන්ට නිකුත් කිරීම හේතුවෙන් පානදුර , පිංවත්ත ඉන්ධන පිරවුම්හලේ අද (22) පෞද්ගලික බස් හිමියන් සහ ධීවරයින් පිරිසක් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පිංවත්ත පොලිසියේ මැදිහත් වීමෙන් සමථයකට පත් කරන ලදී.

Read More

මෙරට පැවති යුද්ධය අවසන් වී වසර 10ට වැඩි කාලයක් ගතවීමෙන් පසුවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනතක් මෙරට නීති පොත් වල තිබීම ලැජ්ජාවට කරුණක් බව විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් අද (22දා) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

නවගත්තේගම කුරුකැටියාව ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයකට අද (22දා) අලුයම එල්ල වු වල් අලි ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.