saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6143 hours ago

LATEST

ඇමති රියදුරු ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට

calendar_today 2022 මාර් 22 - 15:46 remove_red_eye - 958  

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් අද (22දා) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

නවගත්තේගම කුරුකැටියාව ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයකට අද (22දා) අලුයම එල්ල වු වල් අලි ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එය මෙතෙක් ඉදිරිපත් නොකිරීම, වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස තමන් විශ්වාස නොකරන බවද ඔහු පැවසීය.

Read More

විදුලි බිල සහ අනෙකුත් සේවාවන් වල ගාස්තු වැඩි වන්නේ නම් එම වැඩිවන ගාණට සාපේක්ෂව ජල බිල්පත් වල මිල ඉහළ දැමීමට සිදු වන බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

Read More

ඉන්දියාවෙන් ලබා ගත් ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ලෝකයේ වඩාත් සතුටින්ම ජීවත් වන මිනිසුන් වෙසෙන රට ලෙස ෆින්ලන්තය අඛන්ඩව පස්වෙනි වතාවටත් තේරීපත් වෙයි. එම දර්ශකයේ 127 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී ඇත.

Read More

හැටන් නගරයේ භුමිතෙල් අලෙවි කරන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට අද (22දා) භුමිතෙල් තොග ලැබිම නිසා භුමිතෙල් මිල දි ගැනිමට ඉන්ධන පිරවුම්හල අසල අලුයම සිට පාරිභෝගිකයන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

මෙරට ගුවන් තලය ඩොලර් මිලියන 29කට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කරයි.

Read More

“අධිභාර බද්ද”නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර හැකි බවට ශ්‍රේෂ්ඨාධීකරණය සිය තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

Read More

දොඹගහවෙල පොලිස් ස්ථානයේ චෝදනාගාරයේදි, පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධාකර,එම නිලධාරියාට අතින් පයින් පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් පුද්ගලයකු ඊයේ (21දා) අත්අඩංගුවට ගත්බව දොඹගහවෙල පොලිසිය පවසයි.

Read More

යාපනය මාණිප්පායි පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පෙති 3010 ක් සමගින් පුද්ගලයෙකු ඊයේ (21දා) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ දූෂන මර්ධන අංශය පවසයි.

Read More

කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඉන්ධන පිරවුම්හල් වලට ඊ‍යේ (21දා) මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ හමුදා ආරක්ෂාවක් යොදවා ඇත. ඉන්ධන පිරවුම්හල් වල ඇතිවන කලබලකාරී තත්ත්වයක් මැඩපැවැත්වීම සඳහා මෙලෙස හමුදා ආරක්ෂාව යොදා ඇතැයි දැනගන්නට ඇත.

Read More

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව තුළ පැවැති උනන්දුව මේ වට යළිත් අඩුවී තිබේ.

Read More

වසංගතයේ වසර දෙක තුළ, අන්ත දරිද්‍රතාවයේ සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව (දිනකට ඩොලර් 1.90 ට වඩා අඩුවෙන් ජීවත් වන) සංඛ්‍යාව මිලියන 10කට වඩා වැඩි වී ඇතැයි ගණන් බලා ඇති බව සංවර්ධන බැංකුව පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවක සඳහන් කළේය.

Read More

බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු ඊයේ (21) සවස පොලු මුගුරුවලින් පහර දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි කැස්බෑව පොලීසිය සඳහන් කරයි

Read More

චීනයේ ග්වාංෂි හිදී ඊයේ (21දා) සිදුවූ ගුවන් අනතුරට පෙර, ඇමෙරිකානු බෝයිං 737-800 මාදිලියේ ගුවන් යානාවන් අනතුරු 22කට සම්බන්ධ වූ බව ගුවන් ආරක්ෂණ ජාලය (ASN) පවසයි.

Read More

විදුලි බලාගාරවල අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (22දා) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

අන්තවාදී සංවිධාන ලෙස රුසියානු අධිකරණය හැඳින්වූ තීන්දුවෙන් අදහස් වන්නේ එක්සත් ජනපද සමාජ ජාල දෙකම අවහිර කරනු ඇති බවය. නඩුව ප්‍රමාද කරන ලෙස Meta සමාගම කළ ඉල්ලීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි.

Read More

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේ දී අද (21දා) පෙරවරුවේ වාහනයකින් ගමන් කරමින් සිටිය දී පිරිසක් තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහර දුන්නා යැයි කියන කතාවේ කිසිම සත්‍යතාවයක් නොමැති බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගාව හා කර්මාන්ත ශාලා නවීකරණය තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හෙරත් මහතා පැවසීය.

Read More

නෝර්වීජියානු නොබෙල් ආයතනයේ අධ්‍යක්ෂ පවසන්නේ නාමයෝජනා භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම කළ නොහැකි බවයි.

Read More

ගෑස් මිලදී ගැනිමට පැමිණ දෙදිනක් පෝලිම් වල සිට ගෑස් නොලැබීම නිසා කොළබ බදුල්ල ප්‍රධාන මාර්ගය රත්නපුර නගරයේ දි අවහිර කරමින් ජනතාව උද්ඝෝෂණයක නිරත විම නිසා පැයකට වැඩි කාලයක් මාර්ගය සම්පුර්ණයෙන් අවහිරවි තිබුණි.

Read More

දැනටමත් යුක්රේනයේ ගැටුමෙන් පීඩා විඳිමින් සිටින බලශක්ති වෙළෙඳපොළ සඳහා හවුති සටන්කාමීන්ගේ ප්‍රහාර බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බව සෞදිය කියයි.

Read More

මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.අමාත්‍යවරයා එසේ පැවසුයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ලොතරැයි මණ්ඩල අලෙවිකරුවන් සඳහා ගිරිතලේ හෝටලයකදී පැවැති සුහද හමුවකට සහභාගි වෙමිනි.

Read More

දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ තවත් කරුණු 13ක් ඇතුළත් ලිපියක් මල්වතු -අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරති.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) හා ජංගම යෙදවුමක් හඳුන්වාදීම අද (21දා) ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙමඟින් ඉදිරියේදී දුම්රිය මඟීන්ට ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කෙරේ.

Read More

ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21දා) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.

Read More

ඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05 ක් වගා කරන්න අපේක්ෂා කරන අතර, ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර, දිලීරනාශක හා පලිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බැවින් ගොවීන් කිසිසේත් ඒ ගැන අනියත බියක් තබා ගත යුතු නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.