නවගත්තේගම කුරුකැටියාව ප්රදේශයේ දී ත්රි රෝද රථයකට අද (22දා) අලුයම එල්ල වු වල් අලි ප්රහාරයකින් කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.
මෙසේ වල් අලි ප්රහාරයට ලක්ව ඇත්තේ කුරුකැටියාව ප්රදේශයේ මළ ගෙදරකට කාන්තාවන් තිදෙනෙකු ගමන් කරමින් තිබු ත්රි රෝද රථයකි.
මළ ගෙදර ආසන්නයේ කැළැවක සැඟව සිටි වල් අලියා එකවර කඩා වැදි ත්රි රෝද රථයට ප්රහාරයක් එල්ල කර ඇති අතර එහිදි එය පැදවු 40 හැවිරිදි කාන්තාව හා ඇගේ 70 හැවිරිදි මවත් 16 හැවිරිදි දියණියත් බරපතල ලෙස තුවාල සිදුව ඇති බව පවසයි..
ඒ සමගම වල් අලියා පෙර දින රාත්රියේ මෙම ප්රහාරයට ලක්වු ස්ථානයට නුදුරින් නිවෙස් වල වගාවන් ද වනසා දමා ඇති බව ගම්වාසින් පැවසීය.
වල් අලි ප්රහාරයෙන් ත්රි රෝද රථයටද බරපතල හානි සිදුව ඇති අතර බරපතල තුවාල ලත් කාන්තාවන් තිදෙනා ආණමඩුව හා පුත්තලම මූලික රෝහල් ප්රථිකාර ලබමින් සිටිති.
ජනතාව පවසනන්නේ කුරුකැටියාව ගම්මානය නිරන්තරයෙන් වල් අලි ප්රහාරයට ලක්වන ගම්මානයක් බවයි.

