සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට පෝලිම් වල සිටින ජනතාව ආරක්ෂා කර දෙන ලෙසත් පෝලිම් යුගය වහාම නිමා කරන දෙන ලෙසත් ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (23දා) උදේ කොස්ගොඩ ගහකොවිලේදී පැවැත්විණ .
ඉන්ධන පෝලිම් වල සිටි කිහිපදෙනෙකුම මේ වනවිට මියගොස් ඇති බවත් ඉන්ධන පෝලිම් ඇතුළු ගෑස් ,කිරිපිටි පෝලිම් වල සිටින ජනතාවගේ ජීවිතවලට අතුරු අන්තරාවක් නොවේවායි හා මේ දැනට නිර්මාණය කර ඇති පෝලිම් යුගය වහාම නිමා කර දෙන ලෙසත් ඉල්ලා තමන් මේ දේව කන්නලව්ව හා පොල් ගැසීම සිදුකරන බව මේ අවස්ථාවට සහභාගිවූ පිරිස පැවසුහ.
රජයට මේ සම්බන්ධව ගතු කීමෙන් වැඩක් නොවන නිසා තමන් අඩුම තරමින්වත් මේ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට දෙවියන්ගෙන්වත් ඉල්ලා සිටීමට අදහස් කළ නිසා මෙවැන්නක් සිදු කිරීමට පියවර ගත් බව ද ඔවුහු පැවසුහ.

