බලපත්ර නොමැතිව හිංසාකාරි ලෙස හොර රහසේ එළගවයින් හයදෙනෙකු ප්රවාහනය කරමින් තිබූ ත්රීරෝද රථ දෙකක් සමඟ සැකපිට පුද්ගලයන් තිදෙනකු අද (23දා) උදෑසන කලුගහකදුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා විටත් ත්රීරෝද රථ දෙක තුල ගවයින් හයදෙනා හිංසාකාරී ලෙස අතපය ගැටගසා සිරකර සිටි බවද පොලිසිය කීය .
මීගහකිවුල සහ පිටමාරුව ප්රදේශයේ පදිංචි අවුරුදු 31, 42, 45 වයසේ පසුවෙන තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගැනුණි.
මොවුන් මෙම එළගවයින් පිටමාරුව සිට මීගහකිවුල ප්රදේශයට මෙසේ හිංසාකාරි ලෙස බලපත්ර නොමැතිව ත්රීරෝද රථ දෙකකින් හොර රහසේ ප්රවාහනය කරමින් සිටි බව පොලිසිය සදහන් කළේය .
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මංගල ජයතිලක මහතා ඇතුලු නිලධාරීන් ලැබුණු තොරතුරක් මත කලුගහකදුර ප්රදේශයේ රැකවලෙහි නිරතව සිට මෙසේ එළගවයින් ප්රවාහනය කරමින් තිබූ ත්රීරෝද රථ දෙක සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .
ඇල්ල ප්රසාද් රුක්මල්



