ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා අලෙවි කල තරුණයන් අට දෙනෙකු හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (22දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් , තලවකැලේ , කොටගල යන ප්‍රදේශවල පදිංචි අවු 20-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, සැකකරුවන් එම ප්‍රදේශවල තරුණයන්ට ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදාගෙන තරුණයන් අට දෙනා අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි වැටලිම සිදු කල හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් පස් දෙනා සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1170 ක් , ගංජා අලෙවි කල සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබි ගංජා මිලිග්රැම් 4800 ක් සහ ජාවාරම සිදු කරගෙන යාමට උපයෝගි කරගත් ජංගම දුරකථන කිහිපයක්ද සිය භාරයට පත් බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.


