ඇල්පිටිය පිටුවල දෙකේ කනුව ප්රදේශයේදී බඩ ගින්නට දවාලට කන්න කොස් ගෙඩියක් කැඩූ පුතාට බාප්පා පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ ඇල්පිටිය පිටුවල දෙකේ කනුව ප්රදේශයේ පදිංචි කළුගල මුහන්දිරම්ගේ චෙහාන් නමැති තිස් හැවිරිදි අයෙක් බවද පොලිසිය කියයි .
ඥාති පුතාට පිහියකින් ඇන්න බාප්පා සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩන්ගුවටගත් බව පොලිසිය පැවසීය .
මේ මියගිය ඥාති පුතත් බාප්පාත් අසල්වැසියන් බව පවසන පොලිසිය මේ දෙදෙනාගේ නිවස ඉදිරිපිට ඇති කොස් ගසින් ඥාති පුතා අද (23දා) දහවල් බඩගින්න නිවා ගැනීමට කොස් ගෙඩියක් කඩාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුතා හා බාප්පා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් බාප්පා පුතාගේ පපු පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවත් පොලිසිය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත