හම්බන්තොට මහ නගර සභාවේ නව නගරාධිපති වරයා ලෙස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා අද (23දා) විවෘත ඡන්ද විමසීමෙන් තේරීපත් වූ බව දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ මහතා පැවසීය.
හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රී වරු 11 දෙනෙකුගේ වැඩි කැමැත්ත මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු නියෝජ්‍ය නගරාධිපති කේ.ජී ගාමිණී ශ්‍රී ආනන්ද මහතා තෙරීපත් විය.



එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ ඩී.ඒ ගාමිණී මහතාට ඡන්ද 9 ක් හිමි වූ අතර ජනතා විමුක්ති පෙරමුනේ නාගරික මන්ත්‍රී වරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේ.
නගරාධිපති වරයා ලෙස තේරීපත් වූ ගාමිණී ශ්‍රී ආනන්ද මහතාට අදාළ පත් වීම් ලිපිය පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසින් පිරිනැමීම සිදු විය.