saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6134 hours ago

LATEST

ගෑස් පෝලිමේ සිටි අයෙක් සිහි නැතිව ඇද වැටෙයි

calendar_today 2022 මාර් 24 - 14:09 remove_red_eye - 304  

දෙහිවල ගෑස් පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය විසින් රෝගී පුද්ගලයා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත අද (24දා) රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිය ස්වාමිපුරුෂයා පානදුර මුහුදු වෙරලේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන මුහුදට පැන දිවි නසා ගන්නා බව දැන්වූ බවත්, වෙරලේ තිබී ඔහුගේ පාවහන් යුගලය හමුවූ බවත් සදහන් කරමින් එක්දරු මවක් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කරන අතරතුර , අතුරුදහන්ව සිටී පුද්ගලයා නැවත නිවසට පැමිණි බව එම කාන්තාවම පොලිසියට දැනුම් දී ඇති පුවතක් පානදුර දකුණ පොලිසියෙන් වාර්තාවෙයි .

Read More

යාපනය ඩෙල්ෆ් දූපතට සහ මන්නාරම් ඉරණතිව් මුහුදු තීරය අතරේ පිහිටි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 16 දෙනෙකු ඊයේ (23දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

බඩු මිල දරාගත නොහැකි බව ආණ්ඩුව පිළිගන්නා බවත්, කෙසේ වෙතත් ආහාර සුරක්ෂිත භාවය පිළිබඳ ගැටලුවක් නොමැති බවට තමා වගකීමෙන් සඳහන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

රාත්‍රී කාලයේ අනවසරයෙන් පදවිය ජලාශයේ මසුන් අල්ලමින් සිටි සැකකාර පුද්ගලයන් පස් දෙනෙකු ,දැල් ආම්පන්න සහ ඔරු පහක් සමග අත්අඩංගුවට ගත් බව දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලය අද (24දා) පැවසීය.

Read More

විදේශ රට වල තිබෙන මෙරට තානාපති කාර්යාල රැසක් වසා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එලෙස කටයුතු කරනුයේ ඩොලර් අර්බුදය හේතුවෙන් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අද (24දා) ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

Read More

ඉහළ යන බඩු මිල සහ පෝලිම් යුගයට එරෙහිව අධිනීතිඥ ක්‍රිශ්මාල් වර්ණසූරිය මහතා ඇතුලු ප්‍රදේශවාසීන් සංවිධානය කළ නිහඬ පන්දම් විරෝධතාවයක් මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය ඉදිරිපිටදී ඊයේ (23දා) පැවැත්විණි.

Read More

රුසියානු ජාතික යුවලකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක් , ඇපල් ජංගම දුරකථනය සහ ඒටීඑම් කාඩ්පත් ඇතුළු වටිනා ලියකියවිලිද අඩංගු ගමන් මල්ල ඊයේ (23දා) රාත්‍රි කොල්ලකා පලාගිය පුද්ගලයෙකු පැය දෙකක් ඇතුලත අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.

Read More

අපි දන්නවා පසුගිය දිනවල අපේ රටට ආපු ගෑස් නැවකින් ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 08ක් සොයා ගැනීමට රජයට අපහසු වුනා. නමුත් විශාල වටිනා භූ සම්පත් රැසක් තිබිය දී ඒවායින් නිසි ඵල ලබා ගන්නට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, ලංකා ඛනිජවැලි සමාගමටත් හැකි වී නැහැ.

Read More

ඇල්පිටිිය, පිටුවල ප්‍රදේශයේදී කොස් ගසකිින් ගෙඩියක් කඩා ගැනීමට යාමේදී දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් යුක්රේනයට තම සාම සාධක භටයන් යොදවන්නේ නම්, එය නේටෝව සහ රුසියාව සමග හමුදාමය ගැටුමක ඇරඹුම වනු ඇති බවට අනතුරු ඇඟවේ.

Read More

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව හා ඌව යන පළාත්වල තැනිින් තැන සවස 2න් පමණ පසු වැසි හෝ ගගුරුම් සහත වැසිි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම තීරණයත් සමග ඩොලරයට සාපේක්ෂව රූබල් 95ක් දක්වා රූබලය අතිප්‍රමාණය වූ අතර, එය යුරෝවකට සාපේක්ෂව රුබල් 110.5ක් දක්වාද අතිප්‍රමාණය වී තිබේ.

Read More

එකම හැඩරුවෙන් යුත් සහෝදරයන් දෙදෙනා මාරුවීමෙන් සිදුවූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරුව අයියාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බස් රථ වල සින්දු කියන්නෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

Read More

’’මිත්‍රශීලී නොවන රටවලට’’ ගෑස් අපනයනය කිරීම සඳහා රුසියාව දැන් රුබල්වලින් පමණක් ගෙවීම් භාර ගන්නා බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිවේදනය කරයි.

Read More

හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත් විදේශීය රුවල් යාත්‍රාවක් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට ඊයේ (22දා) නාවික හමුදාව කටයුතු කරන ලදී.

Read More

ජර්මනියේ උද්ධමනය ඉහළ යෑමත් සමග, සෘතුමය ආහාර සහ දේශීය නිෂ්පාදන මිලදී ගැනීමටත්, වට්ටම් සඳහා බලා සිටීමටත් ජර්මානුවන්ට උපදෙස් ලැබී ඇත.

Read More

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

යුක්රේනයේ සිදුකෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් ගැන ’ව්‍යාජ ප්‍රවෘත්ති’ පතුරුවා හරින බවට ගූගල් ප්‍රවෘත්තිවලට චෝදනා කරමින් මෙම පියවර ගෙන තිබේ.

Read More

ගම්පහ, දාරළුව කෙටවල අමුණෙන් දිය නෑමට පැමිණ සිටි සිසුන් හය දෙනෙකු බෙම්මුල්ල පොලිස්ථානය මගින් පොලිස් භාරයට ගෙන දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ මව් පියන් හට බාරදීමට පියවර ගත් බව බෙම්මුල්ල පොලීසිය පවසයි.

Read More

මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 265 ක් වන මැණික් අපනයන ආදායම මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

Read More

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෙටිකාලීන හා දිගුකාලීන උපායමාර්ග වෙත අවතීර්ණ වෙමින් ස්ථාවර තත්ත්වයකට ආර්ථිකය රැගෙ ඒමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Read More

රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .

Read More

තම දෙමවුපියන්ගේ නිවාස වල තිබෙන ගෘහ භාණ්ඩ විකුණා දමා හෙරොයින් මත්කුඩු පානය කිරීමෙන් පසුව, අවට නිවාස බිඳ මත්කුඩු පානය කිරීමෙන් අනතුරුව, මුදල් නොමැති කම හේතුවෙන් ඇඟ විකුණා මුදල් සොයා ගෙන හෙරොයින් පානය කළ කාන්තාවක් සහ ඊට අනු බල දුන් ඇගේ සැමියා ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.‍

Read More

වඳ සැත්කම් කලැයි අසත්‍ය කරුණු මත අනිවාර්ය නිවාඩු ගැන්වු කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහෙහාමඩ් ෂාෆී මහතා වැඩ තහනමට ලක් කොට සිටි කාලයේ ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් මෙන්ම සියළු දීමනා ඔහුට ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව නීතීපතිවරයා අභියාචනාධිකරණයට අද (23දා) දැනුම් දුන්නේය.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(එම්.සී.සී) වැනි ගිවිසුම් යටතේ මෙරට ඉඩම් විදේශීය රටවල් සඳහා ලබා දීමට තමන් අමාත්‍ය ධුරයේ සිටියදී කටයුතු නොකරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට රැගෙන එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22දා) අලුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.