saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6129 hours ago

LATEST

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂ ගත කෙරේ

calendar_today 2022 මාර් 25 - 14:39 remove_red_eye - 678  

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24දා) ප.ව. 5.20ට කක්ෂ ගත කෙරිණි.

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේ ඊයේ (24දා) සංවිධානය කර තිබු කාන්තා සැමරුම් උත්සවයක් අතර තුර දී දෙපිරිසක් අතර සිදුවු බහින් බස් විමකින් පසු කැති ප්‍රහාරයකින් බරපතල කැපුම් තුවාල වු අයකු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

Read More

දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ මාළු අලෙවි කරන ස්ථානයකට ඊයේ (24දා) පස්වරුවේ අකුණු සැර වැදී එහි රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි අයකු අකුණු සැර වැදී දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

Read More

43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන 2022 මාර්තු 25 වන සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ කෙරිණි. මෙම පා ගමන කොළඹ කොටුවෙන් අවසන් වීමට නියමිතය.

Read More

පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවටට පැමිණීමට නියමිතව තිබේ. එක්දින තරග 5ක්, විිස්සයිි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් තරගාවලියට ඇතුළත් වෙයි.

Read More

ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයන්ට රු 4500 කට අලෙවි කල හැටන් කොටගල ප්‍රදේශයේ සමාගමේ අලෙවි නියෝජිතයාගේ අලෙවි නියෝජිත ධුරය අද (25දා) දින තාවකාලිකව අත්හිටවු බව එම සමාගමේ මධ්‍යම,ඌව සහ සබරගමු පලාත භාර සමාන්‍යාධිකාරි සාරංග විජේසිංහ මහතා පැවසිය.

Read More

දකුණේ පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු වන බැගියා නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අද (25දා)ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය පවසයි.

Read More

කොළඹ, තොටළඟ කජීමාවත්තේ නිවාස පේළියක ඇතිවූ ගින්නකින් එහි තිබූ නිවාස 21ක් ගිනි බත් වී තිබේ.

Read More

යුක්රේන ගැටුම මධ්‍යයේ රුසියානු විරෝධී හැඟීම්, එකම මන්ත්‍රය මැතිරූ සහ එකම දෙයක් කළ බටහිර දේශපාලකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුහක සුදු දත් සිනහව පිටුපස පසුගිය වසර 30 පුරා සැඟවී තිබූවක් ප්‍රබලව ඉස්මතු වූ අවස්ථාවක් පමණක් යැයිද හිටපු රුසියානු නායකයා අවධාරණය කළේය.

Read More

උතුරු කොරියාවේ සිදුකළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව මිසයිල දියත් කරමින් සිටින බව විදෙස් වර්තා පවසයි.

Read More

යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට කඩවතදී සිදුකළ වඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

යුක්රේන යුද්ධයට වැඩිපුරම වගකිව යුත්තේ කවුරුන්ද යන්න හැමෝම දන්නා බව චීනය පවසයි.

Read More

2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා ‍සදහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

Read More

එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් මේ වනවිටත් රුසියාව සමග සබඳතා කපා හරින ලෙස ගෝලීය සමාගම්වලට බලපෑම් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රී වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටී. අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය සාමාන්‍යාධිකාරීවරයාට කතාකොට තමා අත් හිටවූ බව ඇමතිවරයා පවසයි.

Read More

එක්සත් ජනපදය යුක්රේන සොල්දාදුවන් මත පර්යේෂණාත්මක ඖෂධ අත්හදා බලමින් සිටින බවට රුසියාව අනාවරණයක් සිදුකරයි.

Read More

අතුරුගිරිය දෙස සිට පාදුක්ක දෙසට ගමන් කළ ටිපර් රථයක මග හරස් කොට එහි රියදුරුට පහරදුන් සැකකරුවන් සිවු දෙනෙකු ඔවුන් පහරදීමට පැමිණි යතුරු පැදි දෙකද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් හෙට (25දා) දිනයේ P සිට W දක්වා කලාප සඳහා පැය 06යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

ජනතාව දැඩිපීඩනයකට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිද භාවයකින් තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤානරතන නාහිමියෝ පැවැසූහ .

Read More

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී , එහි ආවේක්ෂණ රාජකාරී වල නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (24දා) අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

රුපියල් මිලියන 1,906 ක වියදමින් ඉදිකල බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ 08 මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද (24) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

Read More

යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශයේදී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24දා) කල්කුඩා ප්‍රදේශයේ දී සිදු කෙරිණි.

Read More

නගරාන්තර, හා දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු සියයට පනහකින් හා සියයට හැටකින් පමණ ඉහල දැමීමට දුම්රිය බලධාරින් කටයුතු කර තිබෙන බවත් මේ නිසා මඟි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකියි. ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Read More

අවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ ගමන යාමට නොහැකි බවත් ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකර වත්මන් උද්දච්ච පාලනය අහෝසි කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මහනුවරදී පැවසීය .

Read More

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

මුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට වග කියන අමාත්‍යවරයෙකු බවට පත් කළ යුතු බවත්, මෙලෙස පාර්ලිමේන්තුවට වගකීම සඳහා මුදල් අමාත්‍යවරයාට වගකීමක් තිබෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

ව්‍යාජ ලේඛන සකස් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68ක ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේ අවධානයට ලක් විය.

Read More

ඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බවත්, හ,ර,එ,ස යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් එලෙස එක්වන මන්ත්‍රීවරුන් අතර වන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.