කිලිනොච්චිය මාන්කුලම් පොලිස් වසමේ පණිච්චන්කුලම් ප්රදේශයේ පිහිටි ඉඩමක නිධානයක් හාරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (22දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.
පණිච්චන්කුලම් ප්රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක සැකකරුවන් විසින් පොළව හාරමින් සිටින අවස්ථාවේදී අසල්වැසියෙකු විසින් අදාල පිරිස් පිළිබඳව සැකපහල වී ඒ පිළිබඳව මාන්කුලම් පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව අදාල ස්ථානයට මාන්කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී සැකකරුවන් විසින් කිසියම් නිධන් වස්තුවක් ගැනීමට උත්සහ ගෙන ඇති බවට අනාවරනය වීමෙන් අනතුරුව එම පිරිස් සහ ඔවුන් පැමිණි වාහනද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණි.
සැකකරුවන් පැමිණි වෑන් රථයක් , යතුරුපැදි 03 ක් සහ කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 40 ත් වයස් වල පසුවන මාන්කුලම්, කිලිනොච්චිය සහ හොරණ ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් අද (23දා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.