යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ නවට ප්‍රදේශයේ නිවස තුළ තිබී ශොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව අවිස්සාවේල්ල පොලිසිය සඳහන් කරයි.
එම ජීව උණ්ඩ අතර එස් ජි වර්ගයේ ජීව උන්ඩ 34 ක් හා නොම්මර 4 වර්ගයේදී උන්ඩ 35ක් සොයා ගැනීමට හැකි වී ඇත
එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ පිස්තෝල ගිනි අවි දෙකක් සහ රිපිටර් වර්ගයේ ගිනි අවි දෙකක් සඟවා ඇති බවට කිතුල්ගල පොලීසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරියෙකු සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලබා දුන් තොරතුරක් අනුව අවිස්සාවේල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් රුවන්වැල්ල අධිකරණය ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසියට ලක් කළ බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී සොයා ගැනීමට හැකි වූ ශොට් ගන් වර්ගයේ ගිනි අවිය සහ ජීව උන්ඩ තොගයට අදාල බලපත්‍රය මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.
2021 දින අදාල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි වත්තේ සිට ගවයෙකුට එල්ල කරන ලද වෙඩි පහරක් තම මෝටර් රථයට වැදුනද එයට වූ අලාභානි සම්බන්ධයෙන් යටියන්තොට පොලිසියට පැමිණිලි කළ ද තමන්ට සාධාරණයක් නොවූ බව මන්ත්‍රීවරයාගේ නිවසට යාබද නිවසේ පුද්ගලයා වැටලීම සිදුකළ පොලිස් කණ්ඩායමට අද (22දා) පවසා තිබිණි
එවකට යටියන්තොට ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයට බලය ලබා ගැනීමට මන්ත්‍රී ධූරයක අඩුව පිරවීමට විපක්ෂයේ සිටි මෙම මන්ත්‍රීවරයා කටයුතු කිරීම හේතුවෙන් ඔහුට ආණ්ඩු පක්ෂයේ විශේෂ සැලකිලි ලැබුණු බවත් ඒ හේතුවෙන් යටියන්තොට පොලීසියද තමන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොකළ බවත් ,විවිධ කතා කියමින් තමන් අධෛර්යයට පත් කර තම පැමිණිල්ලට මේ දක්වා සාධාරණයක් ඉෂ්ට නොකළ බවත් එම පුද්ගලයා වැටලීම සිදු කළ පොලිස් කණ්ඩායමේ උපදෙස් මත අවිස්සාවේල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ
යටියන්තොට පොලිසියේ එම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට වාර්තාවක් ලබා දීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.