saravita-anim2

2026 ජනවාරි මස 28 වන බදාදා

2026 ජනවාරි මස 28 වන බදාදා

Latest News - timelapse 6147 hours ago

LATEST

චීන මගී ගුවන් යානයක් කඩා වැටෙයි

calendar_today 2022 මාර් 21 - 15:47 remove_red_eye - 791  

‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් එකසිය තිස් තුන් දෙනකු රැගත් රට අභ්‍යන්තර චීන මගී ගුවන් යානයක් කඩා වැටුණි. බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගුවන්ෂි පළාතේ වූසෝ නගරයට නුදුරින් කඩා වැටුණු බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ. ගුවන් යානය කන්දක හැපී විනාශ වී ඇතැයි ද පැවැසේ.

රුපියල් ලක්ෂ පහකට ආසන්න ජාවාරම් මුදලක් සහ හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.

Read More

ආරක්ෂිත පක්ෂින් ලෙස සැලකෙන ලබු ගිරවුන් සහ කොණ්ඩ කුරුල්ලන් ළග තබා ගත් තිදෙනෙකු ඊයේ (20දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ රජ්ජම්මන වනජිවි කාර්යාලය පවසයි.

Read More

වාද්දුව ගැස් පෝලිමේ සිටී පුද්ගලයෙකු සිහිසුන්ව ඇදවැටී අද (21දා) රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව , තල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පැවසේ.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ඇති ණය අධාර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්හොන් සඳහන් කරයි.

Read More

වැඩකාරයින් බව හගවමින් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට හොද මුණ පෙන්වමින් ආණ්ඩුව පෙරලන්න කටයුතු කල ඇමතිවරුන් ආණ්ඩුව ඇතුලේම සිටිය බවත් තමා යන ජන හමුවලට හූ තිබ්බොත් නිකන් නොසිටිනා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (21දා) බලපිටියේදී පැවසීය.

Read More

බස්නාහිර පළාතේ ප්‍රධාන පෙළේ නගරයක පිහිටි ඔසු සලක් පිට පිටම දෙදිනක් සොරුන් බිඳ බෙහෙත් හා කිරිපිටි රැගෙන යාමේ සිද්ධියකින් පසු ඔසු සල ආරක්ෂා කර ගැනීම සඳහා ස්වයං ආරක්ෂණ වැඩපිළිවෙලක් ඇති කිරීමේ සිද්ධියක් පිළිබඳව වාර්තාවේ.

Read More

යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානයේ පොලිස් සාමාජිකයෙක්ව සිටි පුද්ගලයෙකු යතුරුපැදි දෙකක් සොරකම් කොට තිබියදී අද (21දා) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

Read More
ඩෙලරය 280ට යයි
21 03 2022 12:12:00
0 515

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 280ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

රත්මලාන ප්‍රදේශයේ ප්‍රදේශයේ පිසූ ආහාර අලෙවි කරන ආපන ශාලාවකින් මුදල් කොල්ලකා ,සේවකයන් දෙදෙනකුට තුවාල සිදුකර පලායමින් සිටි පුද්ග‍ලය‍ෙකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

යාපනය මූලායි ප්‍රදේශයේදී ඊයේ (20දා) රාත්‍රියේ සිදුවූ යතුරුපැදි අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට යාපනය පොලීසිය පැවසීය.

Read More

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයෙකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය පවසයි.

Read More

නීති විරෝධිව බලපත්‍ර නොමැතිව තේක්ක සහ කොහොඹ දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් හුංගම පොලිස් වසමේ මාමඩල ඩී.2 ඇල ප්‍රදේශයේ දී අද (21දා) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා පැවසීය.

Read More

කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තලවිල ගොවි ගම්මානයේ අතුරු මාවතක් සෑදීමට මීට සය මසකට පමණ පෙර බා තිබූ කොන්ක්‍රීට් ගල්,යළිත් පටවාගෙන ගොස්,එම මාවතේම පෞද්ගලික නිවසක ඉදිකිරීම් කටයුතු සදහා යොදා ඇතැයි එම ගම්වාසී ජනතාව සිය බළවත් විරෝධය පල කර සිටිති.

Read More

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය රජය දැඩි ලෙස විවේචනය කරන්නෙකු වුවද, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තම පුරවැසියන්ගේ අවශ්‍යතා සඳහා ස්වාධීන තීරණ ගැනීම සම්බන්ධයෙන් අසල්වැසි රටට ගෞරවය ලබා දුන්නේය.

Read More

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි යතුරුපැදිකරුවෙක් හා ත්‍රි රෝද රථ රිියදුරෙක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ත්‍රිි රෝද රථ රියදුරු විසින් යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read More

වොලෝනියා ප්‍රදේශයේ ඉරිදා අලුයම සැණකෙළියක් අතර තුර සිදුවූ මෙම අපරාධයෙන් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර දස දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව කියයි.

Read More

විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධ නොලැබීම හේතුවෙන් හෙට දිනයේද විදුලිය කප්පාදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

Read More

යුක්රේනය තුළ රුසියාව ගෙන යන හමුදා ක්‍රියාවන් සම්බන්ධයෙන් විවෘතව හෙලා දකින පීඩනයට ඉන්දියාව දිගින් දිගටම විරුද්ධ වන පරිසරයක ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව ඒ වෙත තල්ලු කිරීමට නැවතත් උත්සාහ කර ඇත.

Read More

ජාතික වොලිබෝල් තේරිම් කමිටුවට ෆින්ලන්ත ජාතික පුහුණු කරුවෙකු සිදුකරනු ලබන බලපෑම් දිගින් දිගටම පැවතියහොත් තමන් ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති ධුරයෙන් ඉවත්වන බව ජාතික වොලිබෝල් තේරිම් කමිටු සභාපති එල්.සි.ඒකනායක මහතා පවසයි.

Read More

යුක්රේනයේ විරුද්ධ පක්ෂ රැසක් රුසියාවට සහාය දක්වන බවට වන චෝදනා සමග ජනාධිපති සෙලෙන්ස්කි විසින් රටේ විරුද්ධ පක්ෂ නිහඬ කිරීමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමට, ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජන හඳුනා ගැනීමට හා තවත් කරුණු ගණනාවක් පිළිබඳ මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී ආචාර්ය අහමඩ් නසාර් අල් රෙයිසි මහතා සමග සාකච්ඡා කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඔමික්‍රෝන් වැළැක්වීම සහ පාලනය සම්බන්ධයෙන් විශේෂඥයා පැවසුවේ, හැකි ඉක්මනින් සම්ප්‍රේෂණ දාමය කපා හැරීම, ප්‍රධාන කණ්ඩායම්, ස්ථාන, ආයතන අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ කලින් හඳුනාගැනීම සඳහා පියවර ක්‍රියාත්මක කිරීමයි.

Read More

ඉදිරි වසර පහ තුලත් වත්මන් රජයම මේ රට පාලනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

2021 ලෝක බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ බැහැර කෙරෙන කැළිකසලවලින් 80%ක් පුළුස්සා දැමෙන බවත්, එසේම එය මේ වනවිටබරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති බවත් පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යාංශය සඳහන් කරන්නේ එලෙස බැහැර කෙරෙන කැළිකසළවලින් විශාල ප්‍රමාණයක්ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 80%ක් පමණ ජීවත්වන ග්‍රාමීය අංශය තුළදී දක්නට ලැබෙන බවයි.

Read More

ආණ්ඩුව ඖෂධ මිල පාලනය ඉවත් කිරීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයට ඊට විරුද්ධව වීදි සටන් ආරම්භ කරන බවත්, එමෙන්ම සමගි ජන බලවේග ආණ්ඩුවක් පත් වූ පසු සතියක් ඇතුළත නැවත ඖෂධ සඳහා මිල පාලනයක් ගෙන එන බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

කණකර උකස් කර අසීමිත දුකක් විදිමින් රුපියල් 30 000ට පොහොර මිටිය කලුකඩෙන් ගෙනවිත් අමාරුවෙන් වගා කළ ගොවි ජනතාව ඇතුළු ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල ආදී පෝලිම්වල දුක් විදින කට්ට කන ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් බොරු වපුරා මහින්ද ගෙදර යැව් පරිද්දෙන් මේ ආණ්ඩුව ද ගෙදර යවන්න හදන කුමන්ත්‍රණවලට හසු නොවන බවත් පළාත් සභා හා පළාත් පාළන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත යැවීමට සූදානම් වූ රත්රන් කිලෝ 6ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

රුසියාවේ කොස්ට්‍රෝමා 331 වන ආරක්ෂක ගුවන් හමුදා රෙජිමේන්තුව තම හමුදා විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව යුක්රේන ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.