ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත අද(22දා) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.
පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේදී පාර්ලිමේන්තු මන්ත්රී ගරු එම්.ඒ සුමන්තිරන් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී ගරු අනුර කුමාර දිසානායක යන මහත්වරු ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහ. ඒ අනුව දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 86ක්ද විපක්ෂව ඡන්ද 35ක්ද හිමි වූ අතර පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 51 කින් මේ අනුව සම්මත විය.