saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 584 hours ago

LATEST

සීනි අලෙවි කරගැනීමට නොහැකිව පැල්වත්ත ගැටලුවක

calendar_today 2025 මැයි 19 - 15:25 remove_red_eye - 3581  

ලංකා සීනි සමාගමට අයත් බුත්තල පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදිත සීනි අලෙවිනොවීම නිසාත් එතනෝල් මිල පහත වැටීම නිසාත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ අවධානමකට ලක්වී ඇතැයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා පැවසීය.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

ලංකා සතොස සමාගම රු.කෝටි 20 වැය කරමින් ස්ථාපිත කර ERP System මගින් එහි ප්‍රමුඛ අරමුණ වන වැටුප් කළමණාකරණය සහ අය වැය කරණය ඉටු නොවන බව මෑතකදී කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පොලිතීන් අලෙවි කරන ස්ථානයකට අද (19දා) වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් පවතින බව රජය නිවේදනය කරයි. අසත්‍ය ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි රජය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද(19දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධික වර්ශාවත් සමග අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී දැඩිලෙස සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී සිටියි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයෙන් 2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් 312ක් නවීන පහසුකම් සහිත ’’ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය’’ මැයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රාත්‍රී අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දුන් ආයතන වල අනෙකුත් පක්ෂ සමග එකට එක්ව සභා පිහිටුවීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (19දා) නියෝග කර තිබේ.

Read More

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු 05/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් (82)ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳි ඇති බවට හඳුනාගෙන ඇති අතර එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව ඔහුගේ කාර්යාලය ඉරිදා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Read More

ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භකරණු ලැබු කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියෙන් මණ්ඩලයට රුපියල් දෙකෝටි හැටහතර ලක්ෂ, අසු දහස්හත්සිය විසිපහක (26,480,725) පාඩුවක් දැරිමට සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි මස 17 වන දින නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, පසු ගිය සති කිහිපයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අද(19දා) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මියගේ සේවය වහාම අත්හිටුවීමට තීරණය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය මුද්‍රා තැබීමටද පියවර ගෙන ඇත.

Read More

නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහලොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසිත් සමග දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවන් පවසයි.

Read More

මෙක්සිකානු නාවික හමුදාවට අයත් Cuauhtémoc නම් පුහුණු රුවල් නැවක් සෙනසුරාදා රාත්‍රියේදී එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි බෘක්ලින් පාලමේ ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

මාවතගම, මැටිබොක්ක ප්‍රදේශයේ මාර්ග බාධකයේදී වෑන් රථ රියදුරෙකුගෙන් රුපියල් 500 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සේවය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා විසින් ඊයේ (17දා) අත්හිටුවූ බව පොලීසිය පවසයි.‍

Read More

බ්ලුමැන්ඩල් ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

Read More

ධෛර්ය සම්පන්න වීරෝධාර ශ්‍රී ලංකා හමුදාව කිසිදු දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුද අපරාධයක් සිදු නොකළ බවට තමන් තරයේ අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට දිනයේදී බත්තරමුල්ල, පාර්ලිමේන්තුව අසළ රණවිරු ස්මාරකයේදී පැවැත්වීමට නියමිතය. ඒ හා සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් හෙට දිනයේදී ක්රිමයාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

තුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වේ.

Read More

පෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි සමාගමේ හිටපු සභාපති සිසිර විජේවර්ධන මහතා පැවසීය.

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 191ට අයත් පුද්ගලයන් 697 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ලෝක සංරක්ෂණ තත්ත්ව කාණ්ඩයට අනුව අඩු අවධානයට ලක් වු බොර වන බකමුණා නොහොත් දුඹුරු කැලෑ බස්සා (Brown wood Owl- Strix leptogrammica) යන නමින් හඳුන්වනු ලබන දුර්ලභ බකමුණු පැටවෙකු ගෙවත්තක වැටී සිටියදී හමු වූ බව පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා පැවැසීය.

Read More

2020 සිට 2024 දක්වා ක‍ාලය තුළ දුම්රියේ ගැටීම නිසා වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.