ඉතා වටිනා ගජ මතු යුගලයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන සංචාරක මඟ පෙන්වන්නන් දෙදෙනෙකු දිගන අඹකොටේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන කටුගස්තොට පොලිසියට බාර දී තිබේ.
ගජ මතු යුගලයක් අලෙවිි කිරීමට උත්සාහ කරන බවට විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා එය මිලදී ගන්නා මුවාවෙන් ගජ මුතු යුගලය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එසේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මහනුවර පල්ලේබොකලවෙල අඹතැන්න සහ කටාන හල්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 පසුවන්නන් බව පොලිසිය කියයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතාගේ උපදෙස් පරිදි කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.