ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට ඇතිවූ තාවකාලිකව බාධා වීම් තවදුරටත් පවතී.
මෙම සිදුවීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් නොමැති බව ICTA ආයතනය අවධාරණය කරයි. දත්තවල අඛණ්ඩතාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින අතර, තීරණාත්මක පද්ධති පූර්ණ සුරක්ෂිතතාවයෙන් යුතුව ක්‍රියාත්මක වේ.
මෙම බාධාවට හේතු වූ මූලික හේතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ICTA ආයතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටින අතර මේ සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇත.
මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා, සහතික පිටපත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගැනීම වැනි බලපෑමට ලක් වූ සේවාවන් සඳහා වූ විකල්ප ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වේ. පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත තත්‍ය කාලීන ප්‍රගති වාර්තා මඟින් අඛණ්ඩව දැනුම් දෙමින් සිටී.
2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද LGC හි නවීකරණ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය මඟින් පුළුල් කළ ධාරිතාවකින් සහ උසස් තාක්ෂණයෙන් යුත් ක්ලවුඩ් යටිතල පහසුකම් සැපයීමට නියමිත අතර, එමඟින් නියමිත ප්‍රමිතීන්ට අනුකූල සේවා සහතික කිරීමක් හා නම්‍යශීලීභාවයක් සහතික කරනු ඇත.
LGC හි පූර්ණ ප්‍රතිෂ්ඨාපනය ඉක්මනින් අපේක්ෂා කරන අතර, පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සේවාවන් අදියර වශයෙන් නැවත සක්‍රීය කිරීමට සැලසුම් කර ඇත. සියලුම සේවාවන් කඩිනමින් ප්රශස්ත කාර්ය සාධනයකට ගෙන ඒමට ICTA ආයතනය පූර්ණ කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි. මෙම කාල සීමාව තුළ මහජනතාව සහ බලපෑමට ලක් වූ ආයතන දක්වන අවබෝධය හා සහයෝගය වෙනුවෙන් ICTA ආයතනය සිය ස්තුතිය පුද කරයි.