මෙරට ලොකු ළූණු නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2024) මෙට්‍රික්ටොන් 8,828ක් දක්වා සියයට 73.6කින් කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බැව් මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
2023 වර්ෂයේ දි මෙරට ලොකු ළූණු නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 5,084ක් වු අතර එය 2024 වර්ෂයේ දි මෙට්‍රික්ටොන් 8,828ක් දක්වා සියයට 73.6කින් වැඩිවි තිබුණි. ලොකු ළූණු බහුලව වගාකරණු ලබන මාතලේ දිස්ත්‍රික්කය වැනි ප්‍ර දේශවල ලොකු ළූණු වගාකරුවන් දිරිමත් කිරිම සදහා රජය ක්‍රියාත්මක කරණු ලැබු වැඩපිළිවෙළ මේ සදහා හේතුවි තිබුණි.
ඉකුත් වර්ෂයේ දි මෙරට ලොකු ළූණු නිෂ්පාදනය විශාල වශයෙන් වැඩිවුවද මෙම වර්ෂයේ ( ජන- අගොස්තු) මුල් මාස අට තුලදි ලොකු ළූණු මෙට්‍රික්ටොන් දෙලක්ෂ,දාහත්දහස්,අටසියඅසුතුනක් (217,883) ආනයනය කොට තිබුණි. කෙසේවුවද ලොකු ළූණු මිල පහත වැටිම නිසා දේශිය ගොවින් සිය ලොකු ළූණු අස්වැන්න අලෙවිකරගැනිමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත.