දිවයිනේ විවිධ ප්ර දේශවල සිදුවූ මාරක රිය අනතුරු 7කින් පුද්ගලයන් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාදම්පේ පොලිස් වසම - ඊයේ දින දහවල් කාලයේ මාදම්පේ පොලිස් වසමේ විලත්තව හතරමංහන්දිය මාර්ගයේ බුලත් හන්දිය ප්රදේශයේදී විලත්තව දෙසට ධාවනය වූ ලොරි රථයක අතුරු මාර්ගයක සිට පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලබූ යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 52 ක් වූ පාදුක්ක ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කයිට්ස් පොලිස් වසම - ඊයේ උදෑසන කාලයේ කයිට්ස් පොලිස් වසමේ යාපනය කයිට්ස් මාර්ගයේ කිලෝමීටර් 04 කණුව ආසන්නයේදී කයිට්ස් දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලබූ යතුරුපැදිකරු යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 59 ක් වූ ඇල්ලපිඩිඩි ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
හබරාදූව පොලිස් වසම - ඊයේ උදෑසන කාලයේ හබරාදූව පොලිස් වසමේ හැඩිවත්ත ගිනිගල මාර්ගයේ පාලුවත්ත ප්රදේශයේදී හැඩිවත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලබූ පදික කාන්තාව, යතුරුපැදිකරු හා පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී පදික කාන්තාව මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 50 ක් වූ මොරම්පිටිගොඩ, හබරාදූව ප්රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය පස්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මැදවච්චිය පොලිස් වසම - ඊයේ සවස් කාලයේ මාදවච්චිය පොලිස් වසමේ මැදවච්චිය මාන්කුලම් මාර්ගයේ යකාවැව ප්රදේශයේදී මැදවච්චිය දෙසට ධාවනය වූ බවුසර් රථයක් විරුද්ධ දිසාවෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලබූ යතුරුපැදිකරු මැදවච්චිය රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇති අතර පසුපැදිකාරිය වැඩිදුර ප්රතිකාර සඳහා වව්නියාව රෝහලට මාරු කර යවා ඇත. මරණකරු වයස අවුරුදු 22 ක් වූ මැදවච්චිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මැදවච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ගම්පහ පොලිස් වසම - ඊයේ ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මිනුවන්ගොඩ මාර්ගයේ උඩුගම්පොල ප්රදේශයේදී මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලබූ යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 59 ක් වූ ඉදිගොල්ල, ගම්පහ ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කඩවත පොලිස් වසම - ඊයේ රාත්රී කාලයේ කඩවත පොලිස් වසමේ නුවර කොළඹ මාර්ගයේ කිරිල්ලවල ප්රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අවහිර වීම හේතුවෙන් නතර කර ඇති අතර පිටුපසින් පැමිණි යතුරුපැදියක් එම වෑන් රථයේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් ප්රයිම්මූවර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලබූ යතුරුපැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 24 ක් වූ වතුපලගම, මහව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වෑන් රථයේ සහ ප්රයිම්මූවර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
තඹුත්තේගම පොලිස් වසම - ඊයේ අළුයම් කාලයේ තඹුත්තේගම පොලිස් වසමේ අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඒරියාගම ප්රදේශයේදී පාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන ගසක හා දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් වෑන් රථයේ රියදුරු, එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාවන් දෙදෙනා මියගොස් ඇත. මරණකාරියන් අවුරුදු 31 සහ 85 වයස්වල පසු වූ චුන්නාගම් ප්රදේශයේ පදිංචිකාරියන් වේ.මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි