ඉඩම් ගනුදෙනුවකට අදාලව කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 12ක මුදල් අල්ලසක් ලබා ගැනිමට තැත්තිරිමෙිදී කොස්ලන්ද, දියලුම ගොවිජන සේවා කාර්යාලයට අනුයුක්තව සේවය කරන, දිවුලගස්මුල්ල, කැලිපානාවල ග්රාම නිළධාරී වසම භාරව කටයුතු කල කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරීවරයා ඊයේ ( 16 ) අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය පොලිසිය වෙත ඉදිරිපත්කර තිබෙි.
අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් මෙම සැකකාර කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුඩාඔය ලංකා බැංකුව ඉදිරිපිටදී, එම කාන්තාව සැකකරුට අදාල අල්ලස් මුදල ලබාදෙන අවස්ථාවෙිදීය.
සැකකාර කෘෂිකර්ම නිළධාරියා කොස්ලන්ද, ඌවමාවලගම, නිකපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරනය වී තිබෙි.
කොස්ලන්ද ප්රදේශයේ රජයේ ඉඩමකට අදාල ගැටලුවක් විසදාදිමට සැකකරු මෙම කාන්තාවගෙන් ලක්ෂ 12ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර, එම මුදල අදාල කාන්තාවගෙන් ලබා ගන්නා අවස්ථාවෙි සැකකරු අල්ලස් නිළධාරින්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
සැකකාර කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරියා ඊයේ ( 17 ) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි.
මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල- නයනජීව බන්ඩාර