saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 579 hours ago

LATEST

දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වහාම අත්හිටුවයි

calendar_today 2025 මැයි 20 - 21:20 remove_red_eye - 458  

පාදෙණිය රජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරතන හිමියන්ට මල්වතු මහා විහාර පාර්ශවය විසින් පරිනමා තිබූ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු පාර්ශවයේ සංඝ සභාවේ ඒකමතිකත්වයෙන් මහානායක හිමියන් විසින් පියවර ගෙන තිබේ.

රෝහල්ගතවූ ඇතැම් රෝගීන් ගෙවීම් සිදු කොට නැහැ විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී නැහැ. රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට. මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බව අනාවරණය වේ.

Read More

විද්‍යුත් වාහන වෙනුවෙන් අයකරන බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 30ක් දක්වා ඉහළ නංවා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.

Read More

හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයට රන් පැහැතිව ආලේප කරන ලද ටී. 56 වර්ගයේගිනි අවියක් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් එම සංකීර්ණයේ ආරක්ෂක අංශ විසින් භාරයට ගෙන තිබුණි. මෙම කාන්තාව ඔවුන් භාරයේ තබාගෙන 119 දුරකතන අංකයට දැනුම් දීමට කටයුතු කර ඇති අතර වැල්ලවත පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Read More

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නියෝජිතයින් අද(20දා) පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ.

Read More

කම්කරු දෙපාර්තමේන්තුව මගින් සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි ා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි 2025/05/21 සිට 2025/05/23 දින දක්වා සේවක අර්ථසාධක අරමුදලේ පහත සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව කම්කරු දෙපාර්තේම්න්තුව පවසයි.

Read More

අපේක්ෂිත 30% ක භෞතික ප්‍රගතියට සාපේක්ෂව 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම (AASL) විසින් A පැකේජය වන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත (Passenger Terminal Building & Associated works) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා තායිසේ සමාගම (Taisei Corporation) වෙත රු. බිලියන 37ක මුදලක් ගෙවා තිබෙන බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

Read More

නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (20) නඩු පැවරීය.

Read More

බෝගම්බර ක්‍රීඩා පිටිය අසල පිහිටි හන්තාන සිසිල කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිවස්නයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගුටිබැට ඇන ගැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, නීතිඥ දයාසිරි ජයසේකර සහ මුජිබුර් රහුමාන් යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

රජයක් වශයෙන්ව විශ්‍රාමිකයන්ට උපරිම සහන සැලසීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මොනරාගල රාජ්‍ය බුද්ධි අංශය ලද තොරතුරක් මත මොනරාගල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකක මඟින් (19) වෙනිදා ගෝනගංආර පොලිස් වසමට අයත් යාල වනෝද්‍යානයේ පුංචිකන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා හේනක් සොයාගෙන තිබේ.

Read More

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කරනු ලැබීය.

Read More

පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් මැතිවරණ කොමිෂමට යොමුකර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පූටින් සමග පැවැති පැය දෙකකට ආසන්න දුරකතන සංවාදයකින් අනතුරුව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ රුසියාව සහ යුක්රේනය සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා ’’වහාම’’ සාකච්ඡා ආරම්භ කිරිමට සූදානම් බවයි.‍‍

Read More

රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන අපරාධ කල්ලි 10ක් සමග විවිධ දේශපාලන කණ්ඩායම්වල සබඳතා පවතින බවට බුද්ධි අංශ තොරතුරු වලින් හෙළිවී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද දිනයේදි යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.

Read More

බීමත්ව පාසල් සිසුන් පිරිසක් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

අල්ලස් කොමිසම විසින් පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ. එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.

Read More

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කාමර 50ක ව්‍යාපෘතිය නිම කිරීමට පෙර රූපවාහිනි යන්ත්‍ර සහ වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

Read More

පාර්ලිමේන්තුව අද(20දා) පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

Read More

ජාතික පොසොන් උත්සවය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණෝ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.

Read More

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය කරමින් තිබූ මීනගයා දුම්රියට ගල්ඔය සහ හබරණ අතර 20 අලුයම හතරට පමණ හබරණ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇති බව හබරණ පොලිසිය කියයි.

Read More

නාවික හමුදා කිමිදුම් අංශය මීටර් 100 ගැඹුර දක්වා කිමිදුම් මෙහෙයුම් පුළුල් කළ බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

Read More

“ලුණු නිෂ්පාදනය කරන්නේ මාලිමා රජයෙ උවමනාවට නොවෙයි. එය සිදුවන්නේ ස්භාවික ක්‍රියාවලියක් මතයි. ඒ නිසා මාලිමා රජය නිසා ලුණු නැහැ කියලා කියන අයට අපි කියනවා මේ තත්වය අපි නිසි ලෙස කළමණාකරණය කරමින් තිබුණා ලුණු රටපුරා ලබා දීමට කටයුතු කළා”

Read More

ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22ක මුදලක් කොල්ලකෑම සඳහා කොල්ලකරුවන් පැමිණි වෑන් රථයේ හිමිකාරණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනය ්කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව බම්බලපිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් අද(19) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.