ගාල්ල දිස්ත්‍රික්කයේ දැඩි පෝෂණ හිගය ඇති අවුරුදු පහට අඩු දරුවන් 527 දෙනෙකු සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් 2025 වර්ෂයට අදාළව පෝෂණ මාසය නිමිත්තෙන් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
එම වාර්තාවට අනුව මධ්‍යස්ථ පෝෂණ හිගයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් සංඛ්‍යාව 4767 දෙනෙකි.
පෝෂණ මාසයේ දත්තවලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු පහට අඩුදරුවන් පනස්හයදහස් එකසියහතලිස් දෙනෙකු (56,140) දෙනෙකු අතුරින් වයසට සරිලන බර අඩු දරුවන් සංඛ්‍යාව 9082කි. වයසට සරිලන උස අඩු ළමුන් සංඛ්‍යාව 4854කි. එමෙන්ම අවුරුදු පහට අඩු දැඩි හා මධ්‍යස්ථ පෝෂණ හිගයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව 5294කි.
එමෙන්ම අධික හා උග්‍ර බර සහිත දරුවන් 390 දෙනෙකු සිටින බවද මෙම වාර්තාවේ සදහන් වේ. කෙසේවුවද ගාල්ල දිස්ත්‍රික්කයේ දැඩි පෝෂණ හිගයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් සංඛ්‍යාව 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ දි සියයට 0.93 දක්වා අඩුවි ඇත.2024 වර්ෂයේ එය සියයට එකකි. මධ්‍යස්ථ පෝෂණ හිගයෙන් පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් සංඛ්‍යාව 2025 වර්ෂයේ දි සියයට 8.5 දක්වා අඩුවි ඇත.මධ්‍යස්ථ පෝෂණ හිගයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව 2024 වර්ෂයේ සියයට 9.5කි.