ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ අසේල පතිරණ මහතා වසර 20 ක සේවා කාළයක් නිමා කර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර නව පුහුණුකරු තනතුරක් සදහා 10/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.
තමන් ශ්‍රී ලංකාවේ පැවති සාර්ථක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් නිමා කර , ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ තුන් වන ස්ථානය තෙක් ඔසවා තැබීමෙන් පසුව තමන් නව තනතුර භාර ගැනීම සදහා ඕස්ට්‍රේලියාව වෙත යන බව අසේල පතිරණ මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
එසේම තමන් ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමයට දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරන බවත් , ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිශාන්ත පීරිස් මහතා පත් කර ඇති බවත් , ඔහු ද තමන් සමග සේවය කළ දක්ෂ පුහුණුකරුවෙකු බවත් අසේල පතිරණ මහතා අනාවරණය කළේය .
අසේල පතිරණ මහතා 10/17 දින අලුයම 01.20 ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 178 දරන ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඔස්සේ ඕස්ට්‍රේලියාව බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
ඔහුට සුභ පැතීම සදහා ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

