බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්රවේශ පත්ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්රවේශ පත්ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන් ඊයේ සිට නීතී දැඩිව ක්රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය ප්රකාශ කළා.
මෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන් දින 3ක වැඩ තහනමකට හා දඩයකට ලක්වන අතර ටිකට්පත් සන්තකයේ තබා නොගන්නා මගීන්ට ද රුපියල් 100ක මුදලක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව දන්වා සිටියි.
පසුගිය කාලසීමාව තුළ ටිකට් පත් නොමැති මගීන්ට සහ ටිකට් පත් නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට අවවාද සිදු කල නමුදු අද සිට එම නීතියට අනුව දඩ නියම කිරීම ක්රයාත්මක කෙරිණි.
ඒ අනුව බස්නාහිර පලාත් මාර්ගස්ථ අධිකාරියේ මාර්ග පරීක්ෂක නිළධාරීන් අද දින බස්රථ පරීකා කිරීම ආරම්භ කරන ලදී.
ඉන්ද්රමූර්ති ජයසූරිය