saravita-anim2

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

Latest News - timelapse 602 hours ago

LATEST

වියත්පුරෙන් නිවාස මිලදි ගැනීමේදී මන්ත්‍රීන්ට දුන් සහන ඉවතට

calendar_today 2025 සැප් 04 - 19:35 remove_red_eye - 181  

වියත්පුර මන්ත්‍රී නිවාස ලබා දීමේදී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මාතර නිල්වලා ගගබඩ උද්‍යානය මගින් මහජන පීඩාවක් සිදු විය හැකි බවට පොලීසිය විසින් අධිකරණය වෙත කල පැමිණිල්ලකට අනුව මාස එක හමාරක පමණ කාලයක් වසා තබන ලෙසට පනවා තිබු ආඥාව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් අද (04) ඉවත් කලේය.

Read More

වෙළෙඳපොළේ භාවිත කරමින් තිබෙන ඖෂධයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණොත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් එම ඖෂධය සම්බන්ධයෙන් සුළු හෝ අවදානමක් ඇති බවට තහවුරු වන්නේ නම් එය භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

පාසල්වල 5, 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට හය 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපනය හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Read More

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී අද (4) පස්වරුවේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් එක් අයෙක් තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කල බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

Read More

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (03) රාත්‍රියේ නිකුත් විය. එම විභාගයෙන් ලකුණු 198 ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණියකි.

Read More

2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලකුණු 197 ක් ලබා ලබාගනිමින් ලංකාවෙන්ම සිංහල මාධ්‍ය දෙවැනි ස්ථානය ලබා ගැනිමට රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ කේ.වී.තරුෂි ඉමත්මා සිසුවිය සමත්ව ඇත.

Read More

ධාවනයට නොසුදුසු තත්වයේ පවතින ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පිරිසක් විසින් (04) දින පොලිස් භාරයට ගෙන රියදුරු ඇප මත මුදාහැර ඇත.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(04දා) නියෝග කර තිබේ.

Read More

42 හැවිරිදි මිශ්‍රා ටෙස්ට් තරග 22 ක්. එක්දින තරග 36 ක් හා විස්සයි20 තරග 10 ක් ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කඩුළු 156 ක් දවා ගැනීමට සමත්වී ඇත.

Read More

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍යවරුන්ගේ සංඛේත වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

Read More

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (04දා) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

Read More

සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවීමට තීරණය කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සහමුළුව සහ ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ නිරත වීමට ඇති හෙයින් ෂැංහයි සමුළුවට සහභාගී නොවුණු බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යලයේ එම්.ඩබ්ලිව්.ශනුදි අමායා ශිෂයාව සමත්ව තිබේ.

Read More

පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ජාතික ආර්ථිකයට ​හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට ඒවා වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

ව්‍යාජ අංක තහඩු සවිකොට සුඛෝපභෝගී මෝටර් රථයක් පදවමින් සිටි වෛද්‍යවරියක මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්‍රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ 03දා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් නවසිය හයකට (906) අධික තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

Read More

පාතාල ක්‍රියාකාරකම් සඳහා තියුණු ආයුධ සහ ව්‍යාජ ලෙස සකස්කල යතුරුපැදී ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික කාඩ් පත් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගත්බව එම ඒකකය සදහන් කරයි .

Read More

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) අලුයම නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

Read More

බිරිඳගේ මුල් විවාහයේ වයස අවුරුදු 14ක දැරියක් ස්ත‍්‍රී අපයෝජනය කල සැකකාර සුලූපියාට එම වරදට වරදකරු කරමින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විණිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා වින්ධිත දැරියට රුපියල් ලක්‍ෂ දෙකක වන්ධි මුදලක් ගෙවීමටද නියම කළේය.

Read More

වරකාපොල ගණිතපුර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය ඔසුහලක් වටලා එම අවස්ථාවේදී එහි සිටි මුදල් අයකැමි (02) දා රාත්‍රී අත් අඩංගුවට ගත් බවත් එහි හිමි කාරිනිය සොයා විමර්ශන කටයුතු සිදු කරන බවත් වරකාපොල පොලිසිය පවසයි.

Read More

කිසියම් අපරාධයකට සම්බන්ධ බවට සැක කරන මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් අද (3දා) වේයන්ගොඩ පොලිස් වසමේ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් පිටුපස මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ ‍පොලිසිය කියයි.

Read More

රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කූරියර් පාර්සල් ලෙස කටුනායක, සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ලැබී තිබියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/03 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.

Read More

මාසයකට ආසන්න කාලයක් පුරා පවතින වියළි කාළගුණ තත්වයත් සමග මේ දිනවල දැදුරු ඔයේ ජල මට්ටම සම්පුර්ණයෙන් පහතට වැටි සිදිගොස් ඇති අයුරු මෙලෙස ඡායාරුපයට දිස්විනි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(03දා) පැවැත්වේ.

Read More

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.