ධාවනයට නොසුදුසු තත්වයේ පවතින ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පිරිසක් විසින් (04) දින පොලිස් භාරයට ගෙන රියදුරු ඇප මත මුදාහැර ඇත.
කිතුල්ගල සිට බගවන්තලාව ප්රදේශයට දර ප්රවාහනය සදහා යොදා ගෙන තිබූ එම ලොරි රථය (04) දින බගවන්තලාව ප්රදේශයේ තේවතු යායකට දර ප්රවානය කර ආපසු කිතුල්ගල දක්වා ලොරි රථය ධාවනය කරවන අවස්ථාවේ ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ සැරයන් ධර්මතිලක (55617) විසින් ලොරි රථය නතර කර පරික්ෂා කර බලා ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් භාරයට ගැනුනු ලොරි රථය නුවරඑලිය දිස්ත්රික් මොටර් රථ පරික්ෂකවරයාට ඉදිරිපත් කර වාර්ථාවක් ලබා ගෙන ලොරි රථය හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කරන බවයි ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.



