පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්, පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවලංගු වේ.