2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලකුණු 197 ක් ලබා ලබාගනිමින් ලංකාවෙන්ම සිංහල මාධ්‍ය දෙවැනි ස්ථානය ලබා ගැනිමට රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ කේ.වී.තරුෂි ඉමත්මා සිසුවිය සමත්ව ඇත.
මෙම විද්‍යාලයේ පලමු වසරේ සිටම අධ්‍යාපනය ලැබූ තරුෂි ඉමත්මා දස්කම් රැසක් ලඟාකරගත් සිසුවියක බවත්,වර්තමානයේ ශිෂ්‍ය නායිකාවියක බවත් පංතිභාර ගුරුතුමා වන සුනිල් විමලචන්ද්‍ර මහතා ප්‍රකාශ කලේය.
මෙම සිසුවිය ඕපනායක හත්තැල්ල වසමේ හෙළඋඩගමේ පදිංච් ශ්‍රි ලංකා පොලිසියේ සේවය කරන කේ.වී ධම්මික පුෂ්ප කුමාර මහතාගේ සහ එච්.එම්. මල්කාන්ති මහත්මියගේ වැඩිමහල් දියණියයි.
තරුෂි ඉමත්මා අදහස් දක්වමින් කියා සිටියේ අපේක්ෂාව "ඉන්ජිනේරුවරියක් වෙලා මා උපන් මව්බිමට සේවය කිරීමයි. මේ ජයග්‍රහනයේ ගෞරවය මෙම ඉස්කෝලෙ විදුහල්පතිතුමාට නියෝජ්‍ය විදුහල්පතිනියට සහ පළමු වසරේ සිට මට උගන්නපු ගුරු මව්පියන් හැමදෙනාටමත් හිමිවෙන්න අවශ්‍යයි.
මා මේ කාලය තුළ සෑම විෂයක් ගැනම උන්න්දු උනාචිත්ර සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනව. ඒ වගේම ක්‍රීඩා කරනව. අත් අකුරු තරඟ වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා."
රාස්සගල සමිපත් ප්‍රියනන්දන

