පාසල්වල 5, 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට හය 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපනය හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් මේ දක්වා නිකුත් කර ඇති චක්‍රලේඛක උපදෙස් අවලංගු කර ඒ සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස කටයුතු කළ බවද වැඩිදුරටත් පැවසුවේය.