වෙළෙඳපොළේ භාවිත කරමින් තිබෙන ඖෂධයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණොත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් එම ඖෂධය සම්බන්ධයෙන් සුළු හෝ අවදානමක් ඇති බවට තහවුරු වන්නේ නම් එය භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෘදයාබාධ සඳහා මින් පෙර ගෙන්වු ටෙනෙක්ටිප්ලේස් ඖෂධය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම ඖෂධයක් ගෙන්වීමේ සාමන්‍ය ක්‍රමවේදය වන්නේ සාම්පල් පරීක්ෂා කිරීම බව සඳහන් කළ අමාත්‍යවරයා එම සාම්පල්වල ගැටලුවක් නොමැති නම් ආනයනය කිරීමට අනුමැතිය ලබා දෙන බවත් එසේ ආනයනක කළ ඖෂධය භාවිත කිරීමේදී රෝහල්වලින් පැමිණිලි ලැබෙන්නේ නම් රාජ්‍ය ආයකනයක් ලෙස ඖෂධ නියාමන අධිකාරිය මැදිහත් වන බවත් වැඩිදුරටත් පැවසීය.
හෘදයාබාධ සඳහා මින් පෙර ගෙන්වු ටෙනෙක්ටිප්ලේස් ඖෂධය ඇතැම් ස්ථානවලින් අතුරු ආබාධ සිද්ධීන් කිහිපයක් වාර්තා වීම හේතුවෙන් එසේ ගෙන්වු එක් තොගයක භාවිතය, පරීක්ෂණ කටයුතු නිම වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ අතර එය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීන්දුවක් නොගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඒ අනුව එම තොගයේ වයල්ස් 4000ක් මෙලෙස තාවකාලිව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.
ඉන්දියාවේ රිලයන්ස් සමාගම මෙම ඖෂධය නිෂ්පාදනය කෙරෙන බවත් මෙරටට ආනයනය සිදු කරන්නේ ඒබීසී ෆාර්මා සමාගම බවත් පැවසු අමාත්‍යවරයා මෙම තත්වයන් සාමාන්‍ය බවත් කට්ටලයක දෙකක සිදුවන පැමිණිලිවලට අනුව පරීක්ෂාකිරීම් සිදු කෙරෙන අතර සම්පුර්ණ තොගයම භාවිතයෙන් ඉවත් නොකරන බව තවදුරටත් අවධාරණය කළේය.
ඖෂධ භාවිතය තාවකාලිව අත්හිටුවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා කිරීම නොව ප්‍රශංසා කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.