පාතාල ක්‍රියාකාරකම් සඳහා තියුණු ආයුධ සහ ව්‍යාජ ලෙස සකස්කල යතුරුපැදී ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික කාඩ් පත් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගත්බව එම ඒකකය සදහන් කරයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මිහිකත වත්ත ප්‍රදේශයේ පදිංචි මන්නා ශාන් සහ ඔහුගේ ගෝලයකු බව පොලිසිය කීය.
"මන්න ෂාන්" නමැති සැකකරු කළුතර මිහිකතවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් හයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර,ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනෙක් සැකකරු කළුතර ගැමුණු මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් පහක් සමඟ අත්අඩංගුවට ගෙන , නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරය තුළ සඟවා තිබූ තියුණු ආයුධ හතරක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ. තවදුරටත් සිදුකල සෝදිසි කිරීම් වලදී කුඩා ප්‍රමාණයේ බෑගයක සඟවා තිබූ යතුරු පැදි සඳහා නිකුත් කර ඇති ආදායම් බලපත්‍ර 7 ක් සහ රක්ෂණ කාඩ් 7 ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
වෙඩි තැබීම් සහ පුද්ගල පහරදීම් සඳහා භාවිතා කරන යතුරුපැදි සඳහා මෙම යතුරු පැදි ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික කාඩ් පත් ලබා දී ඇති බවට මෙතෙක් කල විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සදහන් කරයි .
විදෙස් රටක ක්‍රියාත්මක විදෙස් රටක සිට මෙහෙයවන ප්‍රධාන පෙළේ පාතාල කණ්ඩායමකට සම්බන්ධ වී කටයුතු කරන බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පානදුර සුමිත් පොතුපිටිය