ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සහමුළුව සහ ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ නිරත වීමට ඇති හෙයින් ෂැංහයි සමුළුවට සහභාගී නොවුණු බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුන්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - ෂැංහයි සමුළුවට ලංකාවට ආරාධනා ලැබුණේ නැද්ද? ප්‍රබල රාජ්‍ය නායකයන් එහිදී හමු වුණා. එහිදී ට්‍රම්ප්ගේ තීරු බදු ගැන විශේෂ තීරණ ගත්තා.
ප්‍රශන්ය - අපි ඒ සමුළුව නියෝජනය නොකලේ තීර බසු ගැටළුව හේතුවෙන්ද?
පිළිතුර - සංවාධ සාමාජිකයෙක් ලෙස අපි සමුළුව නියෝජනය කරනවා. සහභාගී වීමේ හැකියාව තිබුණා. ජනාධිපතිතුමාට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සහභාගී වීමට නියමිතයි. ඒ වගේම ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයට සහභාගී වෙන්න නියමිතයි. ඒකට දින 10ක කාලයක් ගතවෙනවා. මේ ආදී සියලු කරුණු නිසා තමයි මේ සංචාරයට අපි සම්බන්ධ නොවුනේ. ඉදිරියේදී මේවාට සම්බන්ධ වේවි තිබෙන කාලවේලාවන් කළමනාකරණය කරගෙන. ඒ නිසා විශේෂ හේතුවක් නෑ.