කිසියම් අපරාධයකට සම්බන්ධ බවට සැක කරන මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් අද (3දා) වේයන්ගොඩ පොලිස් වසමේ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් පිටුපස මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
මෙම ඉඩම වෛද්‍යවරයෙකුට අයත් එකක් බවත් වෛද්‍යවරයා වසර පහකට පමණ පෙර මෙම නිවස සහ ඉඩම මිලදීගෙන ඇති අතර වෛද්‍යවරයා ඔහුට අයත් වෙනත් නිවසක පදිංචිව සිටින බව හෙලිවී ඇත.
මෙම ඉඩමෙහි නිවස, ගරාජයට අමතරව තවත් කුඩා ගොඩනැගිල්ලක් පිහිටා තිබෙන අතර එම කුඩා ගොඩනැගිල්ලේ කුලී පදනම මත ග්‍රාම නිලධාරීවරයා විසින් කාර්යාලය පවත්වාගෙන යනු ලබයි.
ග්‍රාම නිලධාරීවරයා කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගරාජය පිටුපස මෙම අස්ථි කොටස් සහිත උරය දැක මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇත. මෙම උරය තුළ මිනිස් හිස් කබල් සහ අස්ථි කොටස් කිහිපයක් දක්නට ඇති බව. පොලිසිය පවසයි. අස්ථි කොටස් යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.
මෙම අස්ථි කොටස් තරමක් පැරණි ඒවා බව දක්නට ලැබෙන බවද පොලිසිය සදහන් කළ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (soco) කැදවා නිරීක්ෂණ ලබා ගනු ලැබීය.
.වතුපිටවල මූලික රොහලේ අධිකරණ වෛද්‍ය නිලධරී WRAS රාජපක්ශ මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළහ. .
සැක සහිත අස්ථිකොටස් වතුපිටි වල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඒ සම්බන්ධ අදාළ. වාර්තාවක්. අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද නියෝගකෙරිණි. වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වයි.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි


