බිරිඳගේ මුල් විවාහයේ වයස අවුරුදු 14ක දැරියක් ස්ත්රී අපයෝජනය කල සැකකාර සුලූපියාට එම වරදට වරදකරු කරමින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විණිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා වින්ධිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්ධි මුදලක් ගෙවීමටද නියම කළේය.
එසේම සිර දඩුවමට අමතරව රුපියල් පන්දහසක දඩමුදලක්ද නියම කළ විනිසුරුවරයා වන්ධිය නොගෙවන්නේනම් අමතර වසරක ලිහිල් වැඩ සහිත සිරද`ඩුවමක් හා දඩය නොගෙවන්නේනම් ඊටද මසක ලිහිල් සිරද`ඩුවමක් එහිදී වැඩිදුරටත් නියමකර තිබිණ.
කුලියාපිටිය වීරඹුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ වීරසිංහ ගමගේ සම්පත් නන්දකුමාර නොහොත් සාගර නැමැත්තෙකු එසේ වරදකරු කරමින් ඉකුත් 29 දා එසේ ද`ඩුවම් නියමකර තිබිණ.
2011 වසරේ ජුනි මස 21 හෝ ඊට ආසන්න දිනක පාසැල නිමවී නිවසට පැමිණෙමින් සිටි බාලවයස්කාර දැරිය සුලූ පියා වූ චූධිත විසින් රවටා මීනෑව ප්රදේශයේ ල`දු කැලෑ සහිත අහීමාන ප්රදේශයකට රැගෙන ගොස් මෙම අපරාධය කර තිබූ බව පොලිසිය මහේස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර නීතිපතිවරයාගේ උපදෙස්මත අධිචෝදනා ගොණුකොට කුලියාපිටිය පළාත්බද මහාධිකරණයේ දීර්ඝ කලක් පැවති සාක්ෂි විභාගයෙන් පසුව එසේ ද`ඩුවම් නියම කර තිබිණ.
කුලියාපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ගාමිණී ජයතිලක මහතා සමගින් රජයේ අධිනීතිඥ වාසනා තිසේරා මෙනවිය මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවා තිබිණ.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්ර