ව්‍යාජ අංක තහඩු සවිකොට සුඛෝපභෝගී මෝටර් රථයක් පදවමින් සිටි වෛද්‍යවරියක මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල මාවතේ පදිංචි 48 හැවිරිදි එම වෛද්‍යවරිය මහනුවර නගරයේ එම මෝටර් රථය පදවමින් සිටියදී පොලිසිය මෝටර් රථයේ ලියාපදිංචි සහතික ඉල්ලා සිටි අවස්ථාවේදී ඒ කිසිවක් එහි නොමැති බව අනාවරණය වී තිබේ.
එහිදී සිදු කළ පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වෛද්‍යවරිය පවසා ඇත්තේ එම මෝටර් රථය තම ස්වාමිපුරුෂයාට අයත් එකක් බවයි.
පසුව අනාවරණය වී ඇත්තේ වෙනත් මෝටර් රථයක අංක තහඩු එම සුඛෝපභෝගී මෝටර් රථයට සවිකොට එය ධාවනය කොට ඇති බවයි. මහනුවර මුලස්ථාන පොලිසියේ රථවාන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.