saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 5775 hours ago

LATEST

බෝට්ටුවෙන් ගිය 08ක් ඉන්දියාවේදී මාට්ටූ

calendar_today 2022 අගෝ 22 - 15:13 remove_red_eye - 187  

යාපනයේ සහ ත්‍රීකුණාමලයේ පදිංචි පවුල් 03කට අයත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ (21දා) ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට කුඩා මුහුදු යාත්‍රාවකින් පැමිණ සිටියදී තමිල්නාඩු පොලිස් භාරයට ගෙන තිබේ.

ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් ලබා ගැනීම සඳහා පසුගිිය සතියේ දිවයිනට පැමිණි චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ නෞකාව අද (22දා) යළි චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50 කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකියයුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද (22දා) රද්දොළුගම ඒ මහතාගේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියහ.

Read More

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙනා මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ පැවිදි භාවය ලබා කොහුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බංග්ලාදේශ ජාතික හිමි නමක් සතු රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21ෙදා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි .

Read More

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට ධානිෂ් අලී සමග බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බොරලැස්ගමුවේ පැපිලියාන වාහන අලෙවි සැලක කාර්යාලය තුල ලාච්චුවේ බහා තිබූ රුපියල් 2,175,000 මුදලක් සොරාගත් එම අලෙවිසැලේ එකම සේවකයා රත්තනපිටිය ලැගුම්හලකදී සොරා ගත් මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ කුළුණු මත තිබෙන බඹර ඇවිස්සිමෙන් නිතර දේශීය විදේශිය සංචාරකයින් සතුන්ගේ ප්‍රහාර වලට ලක්වෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

Read More

සංස්ථාවේ නිශ්පාදනවල මිල ගණන් පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බවත් ඔහුු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු විසි අටක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එහි දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ .

Read More

සංචාරක වයාපාරයේ නියතු තමන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් සහනයක් ලබා නොදෙන්නේ යයි කියමින් අද (22දා) බෙන්තොට සංචාරක නිවාඩු නිකේතනය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.

Read More

වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව නැවත පිටපත් කරගැනීමේ කටයුතු අවසන් වී ඇති බවටත් සෙල්ලිපි වසාදමා තිබූ පස් ඉවත් කොට මහජන ප්‍රදර්ශනයට විවෘතව පවතින බවට වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.

Read More

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා තවදුරටත් රදවාගෙන ප්‍රශ්නකිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා ඇතිි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

මන්නාරම, නඩුකුඩා වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Read More

විවෘත ගිණුමක් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බව අවධාරණය කරමින් මෙම තීරණය ගන්නා ලෙස මහ බැංකුව සඳහන් කර තිබේ.‍

Read More

මේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වුවත් ඔහු එදිනට ලංකාවට පැමණීමක් සිදු නොවන බව වාර්තා වෙයි.

Read More

අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලක ඉහළ මාලයේ වවෘත කොටසේ ඊයේ සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙක් දක්වා වර්ධනය වී තිබේ. අවුරුදු28 හා 33 වයස්හි පසුවන පුද්ගලයන් දෙදෙනෙක් මෙසේ මයගොස් ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

Read More

ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර මීලදි ගැනීිම වෙනුවෙන් මුදල් ලබා දෙන්නේ ඊට අදාළ ක්‍රියාවලිය කිසිදු ආකාරයක වංචාවකින් සහ දූෂණයෙන් තොරව සිදුවන්නේ නම් පමණක් බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ.

Read More

භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ.ඒ අනුව රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 340 ක් දක්වා වැඩිවෙයි.

Read More

හෙට (22) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ. නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ් සිදුවු බිඳ වැටීිමත් සමග මෙම පැය තුනක විදුලිි කප්පාදුව ක්‍රියාත්මක වෙයිි. දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

Read More

සියලුම දේශපාලන පක්ෂවලට අනුබද්ධ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුවත් ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් එය ක්‍රියාත්මක කිරීමට දිගටම කටයුතු කරන බවත් වීදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

එක ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 6ක් ලියාපදිංචි වී ඇතැයි තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයිි. ඉන්ධන බෙදා හැරීම කෝටා ක්‍රමයකට සිදුකිරීම වෙනුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දුන්නේය‍.

Read More

මාවනැල්ල උතුවන්කන්ද සරදියල් ගල නැරඹිමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක් එම ගල් පර්වතයෙන් වැටි බරපතල තුවාල සිදු විම නිසා මිය ගිය බව මාවනැල්ල පොලිසිය කියයි.

Read More

13 හැවිරිදි පිරිමි ළමයෙකු බණ්ඩාරගම නාමළුව ප්‍රදේශයේ වෙළඳ සැලකට පැන මුදල් කොල්ලකෑමට උත්සහ දැරීමේදී එය වැළැක්වූ වෙළඳසැල් හිමිකාරිනියට පිහියෙන් පහර දී තුවාල සිදුකර පළා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (20දා) කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

බිත්තර ආනයනය කරන්න සිදු වුවහොත් ඒ වෙන්නේ බිත්තර නිෂ්පාදකයාගේ හැසිරීම මතයි. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය නිදහසේ වැඩ කටයුතු කරන ආයතනයක්. රුපියල් 45/= වඩා වැඩි මිලට බිත්තර වික්කොත් ඒ අය කටයුතු කරන ආකාරය ගැන දන්නවා. එසේ කටයුතු නොකලොත් විතරයි මට බලන්න සිද්ධ වෙන්නේ. අපි තීන්දුව ක් ගත්තොත් ඒ තීන්දුව ට අනුව තමයි වැඩ කරන්නේ. ගැසට් රිවස් කලොත් අපි තමයි රිවස් වෙන්න ඕනේ.‌’’

Read More

රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

Read More

රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 18 ක් ) වටිනා ස්වර්ණාභරණ තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු 08/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.