ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර මීලදි ගැනීිම වෙනුවෙන් මුදල් ලබා දෙන්නේ ඊට අදාළ ක්‍රියාවලිය කිසිදු ආකාරයක වංචාවකින් සහ දූෂණයෙන් තොරව සිදුවන්නේ නම් පමණක් බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ.
ඒ් අනුව දැනටමත් ශ්‍රී ලංකා රජය එම කොන්දේසි යටතේ පොහොර මීලදී ගැනීිම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීිම් සඳහා කැඳවීම් සිදුකර තබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීයෙක් පැවැසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අණාවරණය කර තිබේ.
වාර්තා වන ආකාරයට ලෝක බැංකුව මගන් ඉදිරි මහ කන්නය සඳහා පොහොර මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 110ක මුදලක් වෙන්කර තිබේ. කෙසේ වෙතත් මෙම පොහොර මීලදි ගැනීිමේ කටයුතු ලෝක බැංකුවේ විගණන නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්විය යුතු බව සඳහන් කර තිබේ.
ඒ් අනුව ඊට සම්බන්ධ වන කොන්ත්‍රාත්කරුවන් හා උපකොන්ත්‍රාත්කරුවන් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලය හා අදාළ වාර්තා, ගීණුම් හා අනෙකුත් ලියවිලි ලෝක බැංකුව පත්කරන විගණන කණ්ඩායම් මගින් විගණනය කිරීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බව අවධාරණය කර තිබේ.
පුවත්පත සඳහන් කරන ආකාරයට මෙහිද ඉදිරි මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 125000ක් ප්‍රසම්පාදනය සඳහා ටෙන්ඩර් කැඳවිම සිදුකර ඇත.එහිදී ලෝක බැංකුව මගින් සිය හදිසි මූල්‍ය පහසුකම් යටතේ වෙන්කර ඇති ඩොලර් මිලියන 350කින් එම මුදල් ලබා ගැනීම සැලසුම වී තිබේ.
ඒ් අනුව ඉහත සඳහන් කළ ආකාරයට ඩොලර් මිලියන 110ක මුදලක් මෙම පොහොර මිලදී ගැනීීමේ කටයුතු සඳහා ලෝක බැංකුවේ හදිසි ආපදා ප්‍රතිචාර වැඩසටහන මගීන් ලබාදීමට අනුමැතිය හීමිව තිබේ. එය කාණ්ඩ පහක් යටතේ ලබාදීම අපේක්ෂාව වන අතර ලබන සැප්තැම්බර් 15 දා සිට එය ආරම්භ වෙයි.
මෙහිද අදාළ ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීම, වංචා හා දූෂණ වැළැක්වීම සුරක්ෂිත කීරීම සඳහා ලෝක බැංකුව මගන් ඉදිරිපත් කරන උපදෙස්මාලව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලීයට අනුගත විම සිදුකළ යුතු බව දැනුම් දී තිබේ.
ඒ් අනුව මෙම ලන්සු ඉදිරිපත් කිරීමේ කටයුත්තේදී යම් කොන්ත්‍රාත්කරුවෙකු විසින් නියෝජිතයෙකු වෙත සිදුකරන ඕනෑම කොමිස් ගෙවීමක් හෝ ගාස්තු ගෙවීමකදී අදාළ ගෙවීම ලබන ඒ්ජන්තවරයාගේ නම,ලපිනය,ගෙවන මුදල් ප්‍රමාණය පැහැදීලිව අනාවරණය කළ යුතුව ඇතැයිද ලෝක බැංකුව පවසයි.