13 හැවිරිදි පිරිමි ළමයෙකු බණ්ඩාරගම නාමළුව ප්‍රදේශයේ වෙළඳ සැලකට පැන මුදල් කොල්ලකෑමට උත්සහ දැරීමේදී එය වැළැක්වූ වෙළඳසැල් හිමිකාරිනියට පිහියෙන් පහර දී තුවාල සිදුකර පළා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම පහර දීමෙන් 33 හැවිරිදි වෙළඳසැල් හිමිකාරියගේ උදර ප්‍රදේශයට සහ දකුණු අතෙහි උර බාහුවට තුවාල සිදුවී ඇත. සැකකාර පිරිමි ළමයා එම වෙළඳසැලට ඇතුළු වී ලාච්චුවට අත දමන අවස්ථාවේ දී වෙළඳසැල් හිමිකාරිය. ඒ බව දැක බැන වැදී ඇති අතර එම අවස්ථාවේදී අත තිබූ කුඩා පිහියකින් වෙළඳසැල් හිමි කාරියට තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි
සැකකාර පිරිමි ළමයා මීට පෙර අවස්ථා කිහිපයකදී ද සිය වෙළඳ සැලේ මුදල් කොල්ල කෑමට උත්සහ දැරූ බවට වෙළඳසැලේ හිමිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
තුවාල ලද කාන්තාව බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර කැපුම් තුවාල දරුණු නොවන බව එය පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් පවසා තිබූ බව පොලිසිය කීය
සැකකාර පිරිමි දරුවා ලබාගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කළ බවත් අද දින පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.